පුල්මුඩේ ආරණ්යසේනාසනයන්හි දෛනික සිව්පස දායකත්වය
* මිහිඳුලෙන ආරණ්‍යසේනාසනය
* ඇතානැගිකන්ද ආරණ්‍යසේනාසනය
* යාන්ඔය ආරණ්‍යසේනාසනය-
ත්‍රිකුණාමලය දිස්ත්‍රීක්කයේ පුල්මුඩේ සිටි කිලෝමීටර් 17ක් පමණ වන පෙදෙසකට ඇතුල්ව, අතිශය දුෂ්කර වූ කිලෝ මීටර් 10කට ආසන්න මහ කැලයේ පවතින බොරලු පාරේ ගමන් කල හැක්කේ ට්‍රැක්ටර්, ලැන්ඩ් මාස්ටර් හෝ යතුරුපැදි පමණි.
මෙම ආරණ්‍යසේනාසන තුනම පවතින්නේ මේ මාර්ගය ඔස්සේය.
මහා සංඝරත්නය වැඩ සිටින ආරණ්‍යසේනාසන අවට කිලෝ මීටර් 5කට ආසන්න ප්‍රමාණයේ සිංහල පවුල් නොමැති තරම්ය.
පොල්ගස්දූව ආරණ්‍යසේනාධිපති අති පූජණීය රජ්ගම විවේකවිහාරී නායක මාහිමිපාණන් වහන්සේගේ මඟපෙන්වීම යටතේ මේ අසිරිමත් අරණ්‍ය සේනාසන සදහා සම්බන්ධ වීමට අපහට හැකි වූ අතර මේ කිසිම ආරණ්යසේනාසනයක විදුලි රැහැන් නොමැති අතර සන්නිවේදන කටයුතු වෙනුවෙන්ද දුරකථන ජාලා සංඥාද ඉතා අවමය.
සෝලා පද්ධති පමණක් ක්‍රියාත්මකව ඇති අතර වන ලැහැබ තුල අලි ඇතුන්, වළසුන්, මුවන් ආදි සත්ව කොට්ඨාස බහුලය.
ආරණ්යසේනාසනයන් තුනෙහිම
* දෛනික සංඝගත දානයන්
* දෛනික ගිලන්පස දානයන්
* ගෞරවණීය ස්වාමින් වහන්සේලාගේ සහ ආරණ්‍යයේ දෛනික ගමන් වියදම්
* ගෞරවණීය ස්වාමින් වහන්සේලාගේ දෛනික ඖෂධ වියදම්
* සේනාසනයන්හි අමතර වියදම්
ආදී වූ සියලු ප්‍රත්‍ය පහසුකම් වෙනුවෙන් බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන් දින 365 පුරාවට මෙම සේනාසනයන් 03 වෙනුවෙන් සිව්පස දායකත්වයන් ලබා දෙනු ඇත.
මිහිඳුලෙන ආරණ්‍යසේනාසනාධිපති පූජ්‍යපාද පෝද්දල උත්තරවංශ ස්වාමින් වහන්සේගේ මෙහෙයවීම මත ඇතානැගිකන්ද සහ යාන්ඔය ආරණ්යසේනාසනයන් සඳහා අවශ්‍ය ප්‍රත්‍ය පහසුක්ම් සපයනු ඇත.
මේ වන විට අප 20,000කට අධික මහ සඝරුවනට දන් පූජා කරගෙන ඇති අතර මෙම සංඝගත දක්ෂිණාව බෝසත් විශ්මකර්ම පදනම මගින් සිදු කරන 1266 වන සංඝගත දක්ෂිනාවයි
2026-02-23 වන දින සිව්පස දායකත්වය වෙනුවෙන් දායකත්වය, බෝසත් විශ්මකර්ම පදනමේ
යාන්ඔය – චන්ද්‍රා පද්මිණි මහත්මිය ඇතුළු පවුලේ සැම විසින් දරන ලදි
සාරිපුත්ත මොග්ගල්ලාන මහ උත්තමයාණන් වැඩි මග වඩින්නා වූ, පින්වන්ත මහ සඝරුවනට කිසිදු කායික මානසික පීඩාවකින් තොරව පිළිවෙත් පිරීම සඳහා අවශ්‍ය උපකාරක ධර්මයන් සකස් කරලීම පිණිස, අතිශය දුර්ලභ මහ පින්කමට දායකත්වයන් ලබා දෙමින් කටයුතු කලා වූ පින්වත් සැමටත්,
දැකබලා සතුටුවන පින්වත් සැමටත්
මෙම උත්තම පුණ්යකර්මයෙන් මතු වූ සියලු පින් කුසල් ඉතා මෙත් සිතින් සහ ගෞරවයෙන් යුතුව අනුමෝදන් කරමි🙏
සියලු දෙනා සාදු නද දී අනුමෝදන් වෙත්වා 🙏
මෙපින් බලයෙන් පූර්ණ නීරෝගි සුවපත් භාවය දීර්ඝායුෂ ලබත්වා 🙏
ආයූෂ වර්ණ සැප බල ප්‍රඥා වැඩේවා 🙏
අසත්පුරුෂ ඇසුරන්, මිත්යාදෘෂ්ට්ඨික ඇසුරන්, පාප මිත්‍ර ඇසුරන් දුරු වී සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර ඇසුරම බලාත්මක වේවා!
මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුළදීම ඒ පරම නිර්මල වූ චතුරාර්ය සත්‍ය ධර්මයෝ සුඛා පටිපදාවෙන්ම අවබෝධ ලබන්න සියලු හේතූ සකස් වේවා 🙏
> දානං තානං මනුස්සානං
> දානං දුග්ගති නිවාරණං
> දානං සග්ගස්ස සෝපානං
> දානං සන්තිකරං පරං “
> දානය මනුෂ්‍යයින්ට ආරක්ෂාවකි.
> දානය දුගතිය වළකන්නකි.
> දානය දෙව්ලොවට හිණිමඟකි.
> දානය පරම ශාන්තිය ලබා දෙන්නකි.
තෙරුවන් සරණයි පින්වත් සැමට 🙏
කෝසල වීරතුංග
අපගෙ පින්කම් සමූහය හා එක් වීමට පහත වට්සැප් ගෲප් එක හා එකතු වෙන්න
https://chat.whatsapp.com/J4MB9nOwl8k2cm6BxRNC0V?mode=ems_copy_t
අපගේ බෝසත් විශ්මකර්ම සමූහය විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත…
https://bosathvishwakarmafoundation.com/
බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a
Facebook Page
https://www.facebook.com/share/1ARdj3a4Ud/
Youtube නාලිකාව
https://youtube.com/@kosalaweerathunga?si=cH5Lxtu3_8U27n8H
Supporting Three Sacred Forest Hermitages
-
Mihindulena Aranya Senasanaya
-
Aethanaegikanda Aranya Senasanaya
-
Yan Oya Aranya Senasanaya
These three forest monasteries are located about 17 km from Pulmudai in the Trincomalee District. Accessing them requires traveling nearly 10 km through extremely कठिन forest terrain along rough gravel roads, passable only by tractor, Land Master vehicle, or motorcycle.
All three monasteries are situated along this remote route. Within a radius of nearly 5 km around these hermitages, Sinhala families are almost non-existent.
Under the guidance of the Chief Incumbent of Polgasduwa Aranya Senasanaya, the Most Venerable Rajagama Vivekavihari Nayaka Maha Thero, we were blessed with the opportunity to connect with and support these serene forest monasteries.
None of these hermitages have access to electricity. Communication signals are extremely limited. Only solar power systems are in operation. The surrounding dense forest is home to wild elephants, bears, deer, and many other wildlife species.
Daily Support Provided to All Three Monasteries
Throughout all 365 days of the year, the noble benefactors of the Bosath Vishwakarma Foundation generously provide the Four Requisites (Sivpasa) for:
-
🍚 Daily Sanghagatha Almsgiving
-
☕ Daily Evening Refreshments (Gilampasa)
-
🚗 Daily transportation expenses for the venerable monks
-
💊 Daily medical expenses for the monks
-
🏕 Additional monastery maintenance expenses
Under the leadership of Venerable Poddala Uttarawansa Thero, Chief Incumbent of Mihindulena Aranya Senasanaya, necessary facilities and requisites are supplied to Aethanaegikanda and Yan Oya forest monasteries as well.
To date, we have offered alms to over 20,000 members of the Maha Sangha, and this Sanghagatha offering marks the 1,266th Sanghagatha Dakshina conducted by the Bosath Vishwakarma Foundation.
Special Sponsorship – 23rd February 2026
The Four Requisites offering on this day was generously sponsored by
Mrs. Chandra Padmini of Yan Oya and her family.
Dedication of Merits
For the noble Maha Sangha who follow the path walked by the great disciples Sariputta and Moggallana, and who practice diligently without physical or mental hardship,
To all generous donors who contributed to this rare and precious meritorious deed,
And to all who rejoice upon seeing and hearing of this noble act—
With loving-kindness and deep respect, we dedicate and share all merits accrued from this wholesome action. 🙏
May all say “Sadhu” and rejoice in this merit! 🙏
May the power of this merit bring:
-
Perfect health and well-being
-
Long life
-
Growth in life, beauty, happiness, strength, and wisdom
May association with unwholesome friends, wrong views, and negative influences fade away, and may noble friendships flourish.
Within this very dispensation of the Supreme Gautama Buddha, may all necessary causes and conditions arise to realize the Noble Four Truths through the peaceful path of practice. 🙏
Dhamma Verse on Generosity
“Danaṁ tānaṁ manussānaṁ
Danaṁ duggati nivāraṇaṁ
Danaṁ saggassa sopānaṁ
Danaṁ santikaraṁ paraṁ”
Meaning:
-
Giving is protection for human beings.
-
Giving prevents unfortunate rebirths.
-
Giving is the stairway to heaven.
-
Giving leads to supreme peace.
May the Triple Gem bless you all. 🙏
Kosala Weerathunga
Join Our Meritorious Activities
🔹 WhatsApp Group:
https://chat.whatsapp.com/J4MB9nOwl8k2cm6BxRNC0V?mode=ems_copy_t
🔹 Official Website:
https://bosathvishwakarmafoundation.com/
🔹 Facebook Group:
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a
🔹 Facebook Page:
https://www.facebook.com/share/1ARdj3a4Ud/
🔹 YouTube Channel:
https://youtube.com/@kosalaweerathunga?si=cH5Lxtu3_8U27n8H
🙏 May all beings share in this merit and attain true peace.

