“පිළිකා රෝගියෙකු සදහා කල සස්ටජන් පූජාව”
වයස අවුරුදු 53 වන තලාවේ පදිංචි සමන් මංගල රුවන් සුමනවීර මහත්මා හට පෙනහලු පිළිකා රෝගි තත්වයක් ඇති බවත් මසකට සස්ටජන් ටින් 2ක් අවශ්‍ය බවත් දැනුවත් වූවා…
පින්වත් ලාල් මහත්මාගේ දැනුවත් කිරීමකින් අනතුරුව එම දුර්ලභ පින්කම සදහා අපි දායක වුනා.
මාස 06කට අවශ්‍ය සස්ටජන් ටින් 12ක්, දියණිය සදහා ඇදුම් පැළඳුම් ලබා ගැනීමට CIB ආයතනයෙන් ලබා ගත් රු.10,000/=ක් වටිනා වවුචර් පත් සහ ඇයගෙ අධ්‍යාපන කටයුතු සදහා රු. 23,100/= ක මුදලක් පරිත්‍යාග කලා.
දායකත්වයන් ලබා දුන් බෝසත් විශ්මකර්ම සමූහයේ පින්වතුන්
* SSD ගුණවර්ධන මිය – රඹුක්කන – රු. 3,600/-
* වෛද්‍ය ප්‍රියන්තා ලියනගේ මිය – රාජගිරිය – රු. 1,000/-
* දිල්ශානි පතිරණ මිය – ඕස්ට්‍රේලියාව – රු. 5,000/-
* ශ්‍යාමලී චන්ද්‍රරත්න මිය – කොළඹ – රු. 4,000/-
* රුක්මාල් තිලකරත්න මයා – ඕමාන් – රු. 4,000/-
* ධනේෂ් කරුණානායක මයා – පේරාදෙනිය – රු. 1,500/-
* පද්මිණී විජේගුණවර්ධන මිය – කඩුවෙල – රු. 7,800/-
* අසේල බංඩාර මයා – රඹුක්කන – රු. 500/-
* M ඥාණා කුමාරි මිය – අබුඩාබි – රු. 5,000/-
* ප්‍රසාදි වික්‍රමතුංග මිය – කොළඹ8 – රු. 5,000/-
* අමල් උදයංග – දෙව්නුවර – 5,000/-
* සජී චතුරංග මයා – රු. 1,000/-
* ඉෂාන් අතුරලිය මයා – කැනඩාව – රු. 5,000/-
* T සෙනෙවිරත්න මයා – ගාල්ල – රු. 5,000/-
* ඩොරින්ද සිල්වා මිය – මාතර – රු. 1,500/-
* සන්ධ්‍යා දීපිකා මිය – පාදුක්ක – රු. 500/-
* සංඛ අශේන් – මහනුවර – රු. 12,800/-
* චලනි රාමවික්‍රම මිය – පන්නිපිටිය – රු. 500/-
* HMP කුමාරි මිය – අඹන්පොල – රු. 500/-
* කුමාරි අබේකෝන් මිය – කුවේට් – රු. 3,100/-
* ජගත් ගමගේ මයා – කළුතර – රු.4,000/-
එකතුව = 76,300/=
# සස්ටජන් සදහා රු.3,600/= X 12 = 43,200/=
# දියණියට ඇදුම් ගැනීම සදහා CIB ආයතනයෙන් රු.10,000/= ක් වටිනා GIFT VOUCHER
# දියණියගෙ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදලින් රු.20,000/=ක් ලබා දෙන්නට විය.
අමතරව රු.3,100/=ක මුදලක් ඉතිරි වූ අතර එය ඔවුන්ගේ ගිණුමට බැර කරන ලදි
ගිලන්වූ අයෙකු වෙනුවෙන් සිදු කල මෙම අතිශය අනුසස් ඇති මහ පින්කමට දායක වූ, එම පින්කම සදහ අපව යොමු කල ලාල් මහත්මා, ඇතුලු දැක බලා සතුටු වන සියලු පින්වතුන්ලාට සසරේ නිවන් දක්නා තුරුම නිධන් ගත රෝග ඇති නොවේවා !
යම් නිධන් ගත රෝගී තත්වයක් තිබේනම් එය පූර්ණ සුවපත් භාවයටම පත්වේවා !
කයේ දුක් දුරු වේවා 🙏
සිතේ දුක් දුරු වේවා 🙏
මේ ජීවිතය තුලදීම උතුම් නිවනින් සැනසීම පිණිසම මෙම පින් හේතූ උපකාරයක්ම වේවා 🙏
තෙරුවන් සරණයි !
කෝසල වීරතුංග






