Bosath Vishwakarma Foundation

ගෞතම වන්දනා 135 වන පින්කම – Gautama Vandana 135th Pinkama

Uncategorized

••සංඝගත දක්ෂිණාව••
៚━━━━ • ❂ • ━━━━࿐
තිස් පස්වන සතිය
❂ •2024-05-10•❂

” කප්පානි සත සහස්සානී
සංඝේ දින්නං න නස්සති “

“සංඝයා උදෙසා හිත පහදා දුන් දානයෙන් ලැබෙන පුන්‍ය විපාකය කල්ප සිය දහස් ගනනක් ගෙවී ගියද අවසන් නොවේ”

ගෞතම වන්දනා 135 වන පින්කම ලෙස,
සතර දෙසින් වඩිනා පින්කෙතක් බදුවූ මහා සඝරුවන උදෙසා සැම සතියකම සිදුකරන අසිරිමත් සංඝගත දක්ෂිණාව ඉතාම අසිරිමත් ලෙස සහ ගෞරවණීය ලෙස සිදු කිරීමට හැකි වූවා.

මේ සදහා බෝසත් විශ්මකර්ම සමූහයේ අපගේ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ කාලය ශ්‍රමය ධනය ඉතා ගරු සරුව ලබා දුන්නා…

🔸 ඉතා ගෞරවයෙන් දානය සකස් කර,
🔸 පා දෝවනය කර,
🔸 පළමුව කැපසරු අයුරින් සැකසූ බුද්ධ පූජාව පූජා කර
🔸 ඉතා ප්‍රණීතව සැකසූ දානය සියලු දෙනාම හා එක් වී පින්වත් ස්වාමින් වහන්සේලාට සහ පින්වත් මෑණිවරුන්ට පූජා කර ,
🔸 ස්වාමින් වහන්සේලාගේ පා කමල් වන්දනා කර

🔸 දානය අවසානයේ ප්‍රණීත වූ , චීස්, පළතුරු සැලඩ්, කේක්, අයිස්ක්‍රීම්, චොක්ලට් වර්ග, වැලිතලප, කිරි ටොෆි, කිරි පැනි සමග පින්වත් ස්වාමීන් වහන්සේලා සහ මෑණියන් වහන්සේලා උදෙසා පිරිකර වශයෙන්
රු.500ක් වටිනා ෆුඩ් සිටි වව්චර් එකක්, රු300ක් වටිනා ෆෝන් කාඩ් පූජා කිරීම සිදු කරන ලදි.

මෙලෙස අසිරිමත් පින්කමක් අපමණ පිරිසකට පින් කරගැනීමට අවස්ථාව ලබා දීමට හැකි වීම පිළිබද මා ඉතාම සතුටට පත් වෙමි.

අනේකවිධ ගැටලුකාරී තත්ත්වයන් මගහරවා ගනිමින් විපත්ති සමයකදී මේ සා මහ පින්කමක් කරගැනීමට කළ්‍යාණමිත්‍ර භාවයෙන් අප හට අවස්ථාව ලබා දුන් පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් පූජණීය සමිතාභිනන්ද හිමිපාණන්ට
එමෙන්ම වැඩම කළ සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට සහ පින්වත් මෑණියන් වහන්සේලාට
මෙම පින්කම මේ අයුරින් මනාව සංවිධානය කරගැනීමට එමෙන්ම, උත්තම ශ්‍රම පූජාවෙන් නිදි වර්ජිතව මේ සඳහා සම්බන්ධ වෙමින් සියලු දුක් කරදර පසෙකලා මේ සඳහා සම්බන්ධ වූ පින්වත් කළණ මිතුරු කැළටද, දානයන් භාරගනිමින්, අමුද්‍රව්‍ය සපයමින් සහ මූල්‍යමය දායකත්වයන් ලබා දෙමින් සම්බන්ධ වූ බෝසත් පුතුන් සමූහයේ පින්වත් සියලු කළ්‍යාණමිත්‍ර සැමටද,
දැක බලා අනුමෝදන් වන සැමටද , වචනයෙන් පවා උපකාර කළ සැමටද, මෙම මෙහේශාක්‍ය පුණ්‍ය ධර්මයෝ ඒකාන්තයෙන්ම මෙම අත්භවයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයෝ දැකීමට…අවබෝධය පිණිසම හේතූ වේවා 🙏

එමෙන්ම මෙතෙක් අප සැම නමින් සංසාරගතව මිය පරලොව ගොස් අභව්‍යව පින් බලාපොරොත්තු ව වෙසෙන යම් සත්ව කොට්ඨාසයන් ඇත්ද ඒ සැමද මේ සියල්ල දැකබලා අනුමෝදන් ව වහ වහා දුකින් අත්මිදේවා !!!

තෙරුවන් සරණයි !

🙏 සාදූ ! සාදූ ! සාදූ ! 🙏
──────⊱❂⊰──────
තෙරුවන් සරණයි !
°•කෝසල වීරතුංග•°

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *