៚• සවස ගිලන්පස පූජාව࿐
❂ •2026-02-22•❂
Daily evening alms offering for the Maha Sangha
අනුරාධපුර මහ පුණ්‍යස්ථාන වන්දනාමාන කරගනිමින් සමථ විදසුන් වඩනා දස දෙසින් වඩිනා මහා සංඝරත්නය උදෙසා සැන්දෑ යාමයේදි ගිලන්පස පූජාව “බෝසත් විශ්මකර්ම පදනමේ” අනුග්‍රහයෙන් අප්‍රමාණ ගෞරවයෙන් යුතුව අද දින රුවන්වැලිසෑ දන්සල් පරිශ්‍රයේදි සිදු කෙරිණ.
* සවස් යාමයට වැළඳීම පිණිස මද උණු පැන් සහ ඇල් පැන් පූජාවක්
* පළතුරු පාන පූජාවක්
* ගිලන්පස පූජාවක්
තථාගත ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ වූ සර්වඥ්ඥ ධාතූන් වහන්සේලා වැඩසිටින උතුම් වූ ස්වර්ණමාලී මහ සෑ රජාණන් වහන්සේ ඉදිරිපිට භාග්‍යවතුන් වහන්සේට ජීවමාන සංඥාවෙන් යුතුව පූජා කිරීම සිදු විය.
අනතරුව රුවන්වැලිසෑ රජාණන් වහන්සේ වන්දනා කිරීමට වැඩම කලා වූ පින්වත් මහා සංඝරත්නයට / පින්වත් දසසිල් මෑණියන් වහන්සේලා සහ ගිහි පින්වතුන් උදෙසා ගිලන්පස පූජාවන් සිදු කිරීම සිදු විය.
දැකබලා සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙත්වා !!!
“මෙම දානමය පූජාව බෝසත් විශ්මකර්ම සමූහයේ අප විසින් පූජා කරනු ලබන 1263 වන සංඝගත දානමය පූජාවයි”
මේ මහා දානමය පූජාවෙන් ඒ උතුම් වූ මහා සංඝරත්නයේ කය පෝෂණය වේවා !
කයේ දුක් දුරු වේවා !!
සිතේ දුක් දුරු වේවා !!!
ආයූ වර්ණ සැප බල ප්‍රඥා වැඩේවා 🙏
නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම මෙම පින් හේතූ උපකාරයක්ම වේවා 🙏
මේ මහා පින්කමෙන් රැස් වූ සියලු පින්….
සක් දෙවිදුන්, සතරවරම්’ දෙව් රජවරුන්,
විශ්මකර්ම දෙව් රජුන්,
රුවන්වැලිසෑය සුරකින විශාලරූප දෙව් රජුන්, ඇතුලු
බුද්ධ සාශනය සුරකින සියලු සමාදිට්ඨික දෙව් රජවරුන්ටත්
අනුරාධපුර විවේක ආශ්‍රමාධිපති, පින්වත් කාශ්‍යපපුර මහානාම ස්වාමීන් වහන්සේටත්,
සවස සම්බුද්ධ පූජාව සහිත ගිලන්පස පූජාව සංවිධානය කරනු ලබන අනුරාධපුර කුරුකැටියාවේ සුදේවවංශ ස්වාමින් වහන්සේටත්,
සවස ගිලන්පස පූජාව සදහා දායකත්වයන් ලබාදුන්,
“එක්සත් රාජධානිය – මානෙල් හැමෙල් මහත්මිය ඇතුළු පවුලේ සැමටත්”
දැක බලා සතුටුවන පින්වත් දෙව් බඹුන් මිනිසුන් සැමටත්,
මෙම උත්තම පින්කමෙන් ලැබුනා වූ සියලු කුසල කර්මයන්, සහ පුණ්‍යකර්මයන් ඉතා ගෞරවයෙන් යුතුව අනුමෝදන් කරමි !
ඔබ සැම මේ කුසලයන් ලැබ
පූර්ණ වූ සුවපත් භාවයම ලබත්වා🙏
පූර්ණ වූ නීරෝගී සුවය ලබත්වා 🙏
ආයූෂ වර්ණ සැප බල ප්‍රඥා බලාත්මක වේවා 🙏
අවසන සැප වූ මාර්ගයකින්ම මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ සාශනය තුලදීම උත්තම වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම උතුම් කුසලය,පුණ්‍යකර්මය හේතූ වේවා 🙏
තෙරුවන් සරණයි !
කෝසල වීරතුංග
වසරේ දින 365 පුරාවට සිදු කෙරෙන මෙම උතුම් අනුසස් ඇති උදෑසන හීල් දානමය පූජාව සම්බන්ධ වීමට සහ අප සිදු කරන අනෙකුත් මහ පින්කම් සදහා සම්බන්ධ වීමට එකතුවන්න
https://chat.whatsapp.com/J4MB9nOwl8k2cm6BxRNC0V?mode=ems_copy_t
අපගේ බෝසත් විශ්මකර්ම සමූහය විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත…
https://bosathvishwakarmafoundation.com/
බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a
Facebook Page
https://www.facebook.com/share/1ARdj3a4Ud/
Youtube නාලිකාව
https://youtube.com/@kosalaweerathunga?si=cH5Lxtu3_8U27n8H
විමසීම්
+94772919004
+94772935424
(Whatsapp )
Daily Evening Alms Offering for the Maha Sangha
While worshipping the sacred sites of Anuradhapura and cultivating Samatha and Vipassana meditation, the revered Maha Sangha arriving from all directions were respectfully offered the Evening Gilampasa Offering today.
This noble offering was conducted with immense devotion under the sponsorship of the Bosath Vishwakarma Foundation at the premises of Ruwanweliseya.
Offerings Included:
-
☕ Warm herbal drinks and cool refreshments for the evening
-
🍹 Fruit beverages
-
🍽 Evening Gilampasa offering
In front of the sacred Swarnamali Maha Seya (Ruwanweliseya)—where relics of the Fully Enlightened Gautama Buddha enshrined in a sacred measure are venerated—the offering was first made symbolically to the Blessed One with living devotion.
Thereafter, Gilampasa offerings were respectfully served to:
-
The noble Maha Sangha who arrived to worship Ruwanweliseya
-
Devout Dasasil Mathas
-
Lay devotees
May all who witness and rejoice in this meritorious deed share in its blessings!
✨ This marks the 1,263rd Sanghagatha Almsgiving offered by the Bosath Vishwakarma Group.
Blessings & Dedication of Merits 🙏
May this great almsgiving:
-
Nourish the noble Maha Sangha
-
Relieve physical suffering
-
Relieve mental suffering
-
Increase longevity, beauty, happiness, strength, and wisdom
May this merit be a cause for perfect health and long life.
The merits accumulated from this noble act are respectfully dedicated to:
-
Sakka, King of the Devas
-
The Four Guardian Deities
-
King Vishwakarma Deva
-
The Great Guardian Deity protecting Ruwanweliseya
-
All righteous deities who safeguard the Buddha Sasana
As well as to:
-
Venerable Kashyapapura Mahanama Swamin Wahanse, Head of Viveka Ashram, Anuradhapura
-
Venerable Sudevavansa Thero of Kuruketiyawa, Anuradhapura, who organizes the evening Sambuddha Pooja and Gilampasa offering
-
Mrs. Manel Hamel and family from the United Kingdom, sponsors of this evening offering
-
All devas, brahmas, and humans who rejoice in this merit
With deep respect and loving-kindness, we share all merits gained from this wholesome deed.
May you all receive:
-
Complete well-being
-
Perfect health
-
Growth in life, beauty, happiness, strength, and wisdom
Ultimately, may this merit become a supporting cause to realize the Noble Four Truths within the dispensation of the Supreme Gautama Buddha.
May the Triple Gem bless you all. 🙏
Kosala Weerathunga
Join Our Meritorious Activities
This noble almsgiving is conducted 365 days a year.
🔹 WhatsApp Group:
https://chat.whatsapp.com/J4MB9nOwl8k2cm6BxRNC0V?mode=ems_copy_t
🔹 Official Website:
https://bosathvishwakarmafoundation.com/
🔹 Facebook Group:
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a
🔹 Facebook Page:
https://www.facebook.com/share/1ARdj3a4Ud/
🔹 YouTube Channel:
https://youtube.com/@kosalaweerathunga
📞 Inquiries (WhatsApp):
+94 77 291 9004
+94 77 293 5424
🙏 May all beings rejoice in this merit and attain supreme peace.























