៚ මහාපාළි දන්හලේ හිමිදිරි දන්වැට࿐
❂ •2026-02-22• ❂
Daily morning alms offering for the Maha Sangha
අනුරාධපුර මහ පුණ්‍යස්ථාන වන්දනාමාන කරගනිමින් සමථ විදසුන් වඩනා දස දෙසින් වඩිනා මහා සංඝරත්නය උදෙසා ආරාධනාවකින් තොරව දානය පූජා කෙරෙන අනුරාධපුර මහා පාලි දාන ශාලාවේ උදෑසන දානමය පූජාව “බෝසත් විශ්මකර්ම පදනමේ” අනුග්‍රහයෙන් අප්‍රමාණ ගෞරවයෙන් යුතුව අද දින සිදු කෙරිණ.
දානයේ අග්‍ර වූ කොටස ලොව්තුරා භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීමෙන් අනතුරුව අවශේෂ උදෑසන දානමය වස්තුව උතුම් වූ ශ්‍රාවක සංඝරත්නය වෙනුවෙන් මහාපාලි දාන ශාලාවේදී පූජා කිරීමට විවෘත විය
මෙහි සහල් සඳහා විශේෂ දායකත්වයක් මහා මෛත්‍රී දින පින්කමේ නිර්මාතෘවර පූජ්‍යපාද ගැටලාවේ විමලරතන හිමියන්ගෙ මැඳිහත් වීමෙන් සිදු වනු ඇත.
❂ •හීල් දානමය පූජාව
❂ •පළතුරු පූජාව
❂ •රස කැවිලි පූජාව
දැකබලා සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙත්වා !!!
මීට අමතරව මහාපාළි දාන ශාලාවේ දෛනික සවස ගිලන්පස වියදම්, දෛනික විදුලි වියදම්, දෛනික ජල වියදම්, දෛනික ගෞරවණීය ස්වාමින් වහන්සේලාගේ ගමන් සහ ඖෂධ වියදම් සඳහා වන සිව්පසය වෙනුවෙන්ම බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන් විසින් දායකත්වයන් ලබා දෙනු ඇත.
“මෙම සංඝගත දානමය පූජාව බෝසත් විශ්මකර්ම සමූහයේ අප විසින් පූජා කරනු ලබන 1262 වන සංඝගත දානමය පූජාවයි”
මේ මහා දානමය පූජාවෙන් ඒ උතුම් වූ මහා සංඝරත්නයේ කය පෝෂණය වේවා !
කයේ දුක් දුරු වේවා !!
සිතේ දුක් දුරු වේවා !!!
ආයූ වර්ණ සැප බල ප්‍රඥා වැඩේවා 🙏
නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම මෙම පින් හේතූ උපකාරයක්ම වේවා 🙏
මේ මහා පින්කමෙන් රැස් වූ සියලු පින්….
සක් දෙවිදුන්, සතරවරම් දෙව් රජවරුන්,
විශ්මකර්ම දෙව් රජුන්,
රුවන්වැලිසෑය සුරකින විශාලරූප දෙව් රජුන්, ඇතුලු
බුද්ධ සාශනය සුරකින සියලු සමාදිට්ඨික දෙව් රජවරුන්ටත්
අනුරාධපුර මහාපාළි දාන ශාලාවේ නිර්මාතෘවර පූජ්‍යපාද අනුරාධපුර වීරියධම්ම ස්වාමීන් වහන්සේටත්,
සිව්පස දායකත්වය සදහා දායකත්වයන් ලබා දුන්
“කලුතර – ජගත් ගමගේ මහත්මා පවුලේ සැමටත්”
දැක බලා සතුටුවන පින්වත් දෙව් බඹුන් මිනිසුන් සැමටත්,
මෙම උත්තම පින්කමෙන් ලැබුනා වූ සියලු කුසල කර්මයන්, සහ පුණ්‍යකර්මයන් ඉතා ගෞරවයෙන් යුතුව අනුමෝදන් කරමි !
ඔබ සැම මේ කුසලයන් ලැබ
පූර්ණ වූ සුවපත් භාවයම ලබත්වා🙏
පූර්ණ වූ නීරෝගී සුවය ලබත්වා 🙏
ආයූෂ වර්ණ සැප බල ප්‍රඥා බලාත්මක වේවා 🙏
අවසන සැප වූ මාර්ගයකින්ම මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ සාශනය තුලදීම උත්තම වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම උතුම් කුසලය,පුණ්‍යකර්මය හේතූ වේවා 🙏
තෙරුවන් සරණයි !
කෝසල වීරතුංග
වසරේ දින 365 පුරාවට සිදු කෙරෙන මෙම උතුම් අනුසස් ඇති උදෑසන හීල් දානමය පූජාව සම්බන්ධ වීමට සහ අප සිදු කරන අනෙකුත් මහ පින්කම් සදහා සම්බන්ධ වීමට එකතුවන්න
https://chat.whatsapp.com/J4MB9nOwl8k2cm6BxRNC0V?mode=ems_copy_t
අපගේ බෝසත් විශ්මකර්ම සමූහය විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත…
https://bosathvishwakarmafoundation.com/
බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a
Facebook Page
https://www.facebook.com/share/1ARdj3a4Ud/
Youtube නාලිකාව
https://youtube.com/@kosalaweerathunga?si=cH5Lxtu3_8U27n8H
විමසීම්
+94772919004
+94772935424
(Whatsapp )
Daily Morning Alms Offering for the Maha Sangha
While worshipping the sacred places of Anuradhapura and cultivating serenity and insight meditation, the revered Maha Sangha who arrive from all directions were respectfully offered morning alms today at the Maha Pali Alms Hall, Anuradhapura, without prior invitation.
This meritorious morning almsgiving was conducted with immense honor and devotion under the generous sponsorship of the Bosath Vishwakarma Foundation.
First, the foremost portion of the alms was reverently offered to the Supreme Blessed One. Thereafter, the remaining morning alms were respectfully presented to the noble Maha Sangha at the Maha Pali Alms Hall.
A special contribution of rice for this almsgiving was arranged through the mediation of Venerable Pujyapada Getalawa Vimalarathana Thero, the creator of the “Maha Maithree Day” meritorious program.
Offerings Included:
-
🌾 Morning Meal (Heel Dana)
-
🍎 Fruits Offering
-
🍰 Sweetmeats Offering
May all who witness and rejoice in this meritorious deed share in its blessings!
In addition, kind-hearted benefactors of the Bosath Vishwakarma Foundation contribute daily towards:
-
Evening refreshments (Gilampasa)
-
Electricity expenses
-
Water expenses
-
Transportation and medical expenses of the venerable monks
-
The four requisites (food, robes, shelter, and medicine)
✨ This marks the 1,262nd Sanghagatha Almsgiving offered by the Bosath Vishwakarma Group.
Blessings & Merits
May this great almsgiving nourish the noble Maha Sangha!
May physical suffering be relieved!
May mental suffering be relieved!
May long life, beauty, happiness, strength, and wisdom increase! 🙏
May this merit be a cause for good health, freedom from illness, and long life! 🙏
The merits accumulated through this noble deed are respectfully dedicated to:
-
The Divine King Sakka
-
The Four Guardian Deities
-
King Vishwakarma Deva
-
The Great Guardian Deity protecting Ruwanweliseya
-
All righteous deities who safeguard the Buddha Sasana
As well as to:
-
Venerable Anuradhapura Veeriyadhamma Swamin Wahanse, the founder of the Maha Pali Alms Hall
-
Mr. Jagath Gamage and family from Kalutara
-
All generous donors who contributed towards the four requisites
-
All devas, brahmas, and humans who rejoice in this merit
May all of you receive these merits and attain complete well-being! 🙏
May you enjoy perfect health! 🙏
May your life, beauty, happiness, strength, and wisdom flourish! 🙏
Ultimately, may this merit become a supporting cause to realize the Noble Four Truths within the dispensation of the Supreme Gautama Buddha and attain the blissful path of liberation.
May the Triple Gem bless you!
— Kosala Weerathunga
Join Us
This noble morning almsgiving is conducted 365 days a year.
To participate in this and other meritorious activities, connect with us:
📌 Website: https://bosathvishwakarmafoundation.com/
📌 WhatsApp Group: https://chat.whatsapp.com/J4MB9nOwl8k2cm6BxRNC0V?mode=ems_copy_t
📌 Facebook Group: https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a
📌 Facebook Page: https://www.facebook.com/share/1ARdj3a4Ud/
📌 YouTube Channel: https://youtube.com/@kosalaweerathunga
📞 Inquiries (WhatsApp):
+94 77 291 9004
+94 77 293 5424
🙏 May you be blessed with the protection of the Triple Gem.

























