Bosath Vishwakarma Foundation

Supporting the Emotional Wellbeing of Displaced Children at Kossinna Nagawanarama Temple Relief Camp, Rambukkana

Uncategorized

රඹුක්කන කොස්සින්න නාගවනාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලබන අවතැන් කඳවුරේ රැඳී සිටින පවුල් 30කට අදාළ 40 දෙනෙක් වූ දරුවන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් විහාරස්ථානය විසින් පවත්වන්නට යෙදුණ චිත්‍ර තරගයට සමගාමීව සියලුම දරුවන්ට එක හා සමාන ත්‍යාගයන් පිරිනැමීම අද දින සිදු විය.

ගඟේකුඹුර කන්ද නාය යෑම හේතුවෙන් අවතැන් වූ පවුල් 30ක් මෙම විහාරස්ථානයේ රැඳී සිටියි.

CR පොත්, චිත්‍ර පොත්, තනිරූල් පොත්, පාට 24 පැස්ටල්, ස්ටේපර් මැෂින් සහ කටු පැකට්, අඩි රූල්, මකන, පෑන්, පැන්සල්, කටර්, සෑම දරුවකුටම ලබා දෙන්නට විය.

මෙවැනි ව්‍යසන සමයක ඒකාකාරීව සිටින දරුවන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් මේ සුන්දර කටයුත්ත පින්කමක්සේ සලකා සංවිධානය කරන ලදි.

රුපියල් 84,000/=ක වටිනාකමකින් යුතු මෙම පරිත්‍යාගයන් සදහා අපගේ කෙටි දැනුම් දීමෙන් තුසිත රාජපක්ෂ මහත්මා ඇතුලු කළණ මිතුරෝ සහ පාත් නිර්වාණ සමූහයන්හි පින්වත් සාමාජිකයන් දායකත්වයන් දරන ලදි.

පුංචි දරුවන්ගේ මනස සුවපත් කිරීම වෙනුවෙන් වූ මේ උතුම් පින්කම තුලින් මතු වූ සියලු පින්…

මෙම අවතැන් කඳවුරේ කටයුතු භාර විහාරස්ථානයේ විහාරාධිකාරි පූජ්‍යපාද දෙනගම ධම්මරතන ස්වාමින් වහන්සේටත්,

අවවාද අනුශාසනා සිදුකරමින් සියලු ශක්තිය ලබා දෙන,
කොස්සින්න ගඟේකුඹුර තිස්මල්පොල යන විහාරස්ථානයන්හි විහාරත්‍රපති,
දියසුන්නත කීරිති ශ්‍රී රාජසිංහ පිරිවෙනේ හිටපු පරිවේණාධිපති, ශාස්ත්‍රපති, පණ්ඩිත, පූජ්‍යපාද මඩවල ඥාණරතන ලොකු හාමුදුරුවන් වහන්සේටත්,

මූල්‍ය දායකත්වයන් ලබා දුන් කලණ මිතුරෝ සහ පාත් නිර්වාණ සංවිධානයන්හි සියලු පින්වත් සාමාජික සැමටත්,

වටිනා කාලය කැපකරමින් කාය ශ්‍රම පූජාවෙන් පැමිණි බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන් සැමටත්,

දැක බලා සතුටුවන සැමටත් නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා 🙏

සියලු පින් උතුම් වූ නිර්වාණ සුවය පිණිසම හේතූ වේවා 🙏

තෙරුවන් සරණයි !!!
කෝසල වීරතුංග

In line with its commitment to humanitarian service, a special initiative was carried out today to support the emotional wellbeing of children residing at the temporary relief camp maintained at Kossinna Nagawanarama Temple, Rambukkana.

The relief camp currently shelters 30 families displaced due to the Gangekumbura landslide, with 40 children among them. Recognizing the emotional impact disasters can have on young minds, the temple organized a children’s art competition aimed at providing psychological comfort and creative expression during this challenging period.

In parallel with this activity, equal gifts were presented to all participating children, ensuring inclusivity and joy for every child, regardless of competition outcomes.

Each child received a carefully prepared stationery and learning kit consisting of:

  • CR Exercise Books

  • Drawing Books

  • Single-Rule Exercise Books

  • 24-Colour Pastel Packs

  • Stapler Machines & Pin Packs

  • Foot Rulers

  • Erasers

  • Pens & Pencils

  • Cutters

This meaningful initiative was organized as an act of merit and compassion, acknowledging the importance of mental wellbeing for children experiencing displacement and uncertainty during times of crisis.

The total value of the donated items amounted to LKR 84,000, made possible through the generous contributions of Mr. Thusitha Rajapaksa, kind-hearted friends, and the devoted members of the Paath Nirwana Groups, who responded promptly to a short appeal for support.

The organizers extend their heartfelt gratitude and merit-sharing to:

  • Venerable Denagama Dhammarathana Thero, Chief Incumbent of the Nagawanarama Temple, who oversees the operations of the relief camp

  • Most Venerable Madawala Gnanarathana Maha Nayaka Thero,

    • Chief Prelate of the Kossinna, Gangekumbura, and Tismalpola Temples

    • Former Principal of the Diyasunnatha Keerthi Sri Rajasinghe Pirivena

    • Scholar (Shasthrapathi) and Panditha,
      for his guidance, advice, and continuous encouragement

  • All financial contributors from the Kalyana Mithra and Paath Nirwana communities

  • The Sathpurusha Kalyanamithra members of the Bodhisath Vishmakarma Foundation, who dedicated their valuable time and physical effort in service

  • Everyone who witnessed and rejoiced in this noble act of kindness

May all those who contributed, participated, and rejoiced in this meritorious deed be blessed with good health, peace, long life, and happiness.

May all merits gained through this noble act lead towards the supreme bliss of Nibbāna 🙏

May the Triple Gem bless all.

— Kosala Weerathunga

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *