Bosath Vishwakarma Foundation

A Noble Offering for the Dambadiva Pilgrimage

Uncategorized

නාඋයන ආරණ්‍යය සේනාසනාධිපති නායක මාහිමිපාණන් ඇතුළුව සේනාසනයේ පින්වත් හිමිවරුන් විසින් පසුගියදා දඹදිව වන්දනාව සදහා වැඩම කරන්නට විය.

ඒ මහා පුණ්‍යවන්ත ගමනේ ගිජ්ජකූට පර්වත මස්තකයේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි සුගන්ධ කුටිය අභියස භාග්‍යවතුන් වහන්සේට ජීවමාන සංඥාවෙන් යුතුව පූජා කිරීමට ඇතුළත් පරිස්කාරයන් සදහා අවශ්‍ය වූ කැපසරු පාත්‍රය පූජා කරගැනීම සදහා අප අතිශය භාග්‍යවන්ත විය.

පින්කම සැලවූ වහාම පන්නිපිටිය ප්‍රදීප් ගම්මන්පිල මහත්මා ඇතුලු පවුලේ සැම එම පාත්‍රයට අදාළ රු.30,000/=ක දායකත්වය භාරගන්නට විය.

මේ මහා පූජාවෙන් මතු වූ සියලු පින් සහ කුසල්,
මේ උතුම් වූ මහ පින්කම සදහා අපහට අවස්ථාව ලබා දුන් අනුරාධපුර පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් අති පූජණීය තිරාණගම සමිතාභිනන්ද හිමියන්ට,

පාත්‍රය රැගෙන අවශ්‍ය පරිදි රන් පැහැ ගන්වමින් කැපසරු ලෙස සකස් කර අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කල නාඋයන ආරණ්‍යය සේනාසනවාසී අති පූජණීය ජාඇල මහින්දානන්ද හිමියන්ට,

දායකත්වයන් ලබා දුන් පින්වත් ප්‍රදීප් ගම්මන්පිල මහත්මා ඇතුලු පවුලේ සැමට,
දැක බලා සතුටු වන පින්වත් සත්පුරුෂ සැමට,

නිදුක් නීරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ ලැබේවා !

මේ ඝෝර කටුක භයානක සසරින් මිදී උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය පහසුවෙන්ම අවබෝධය පිණිසම මෙම පින් හේතූ උපකාරයක්ම වේවා 🙏

තෙරුවන් සරණයි !
කෝසල වීරතුංග

අපගෙ පින්කම් සමූහය හා එක් වීමට පහත වට්සැප් ගෲප් එක හා එකතු වෙන්න
https://chat.whatsapp.com/JCEKp6EQRB4JTSw3m7E6kD

අපගේ බෝසත් විශ්මකර්ම සමූහය විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත…
https://bosathvishwakarmafoundation.com/

බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a

Youtube නාලිකාව
https://youtube.com/@kosalaweerathunga?si=cH5Lxtu3_8U27n8H

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *