අතිශය දුර්ලභ පින්කමක්
අනුරාධපුර මහ පුණ්‍යභූමිය කේන්ද්‍ර කරගනිමින් වැඩ වාසය කරන්නා වූ පින්වත් මහා සංඝරත්නය උදෙසා සංඝයාට හිමි සිල් පද සුරකීම පිණිස මුදල් පරිහරණයෙන් තොර වීම පිණිස මහා සංඝරත්නයට විමසීමකින් තොරව අවශ්‍යතාවයට අනුව රැගෙන යා හැකි පිරිකර භාණ්ඩ සහිතවූ කප්රුකක් පූජා රු.112,000/=ක වියදමකින් බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන් එකතුව පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලා පරීශ්‍රයේදී පසු ගිය සතියේ පූජා කරගන්නට විය.
එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය වන පූජා භාණ්ඩ මෙහිදී පූජා කරගන්නට අප භාග්‍යවන්ත විය.
මෙම උත්තම අදහස් සහ යෝජනා පූජණීය තිරාණගම සමිතාභිනන්ද හිමියන්, පූජණීය වනරතන හිමියන් සහ ඩිමන්ත ගුණවර්ධන මහත්මාගේ වූ අතර ක්‍රියාත්මක කිරීම බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුනගේ විය.
දායකත්වයන් ලබා දුන් බෝසත් විශ්මකර්ම පදනමේ පින්වතුන්
* ඩිමන්ත ගුණවර්ධන මයා ඇතුලු පිරිස -රඹුක්කන – රු.22,182/=
* වෛද්‍ය ළගත් වනිගබදු මයා – මහරගම – රු. 20,000/-
* M ප්‍රේමතිලක මයා – ඇමරිකාව – රු. 20,000/-
* PH කුසුමලතා මිය – සීදුව – රු. 10,000/-
* ප්‍රියදර්ශනි කරුණාසේන මිය – නාරාහේන්පිට – රු. 5,000/-
* නිර්මලා අමරතුංගආරච්චි මිය – වාද්දූව – රු. 5,000/-
* T සෙනවිරත්න – ගාල්ල – රු. 5,000/-
* මේරියන් නිරංජලා මිය – මිලානෝ – රු. 5,000/-
* සුරංග සංජිව මයා – දකුණු කොරියාව – රු. 5,000/-
* ප්‍රසාදි සුදසිංහ මිය – කොළඹ 08 – රු. 5,000/-
* ධනේශ් කරුණානායක මයා – පේරාදෙනිය – රු. 3,000/-
* හිරෝෂිණි පෙරේරා මිය – දෙහිවල – රු. 3,000/-
* M ඥාණා කුමාරි මිය – අබුඩාබි – රු. 3,000/-
* උදිත රංගන මයා – අම්පාර – රු. 2,000/-
* ඉසුරු මධුසංක මයා – කුරුනෑගල – රු. 2,000/-
* HMP කුමාරි මිය – අඹන්පොල – රු. 2,000/-
* නවීන් ද මැල් මයා – මීගමුව – රු. 1,500/-
* ප්‍රසාද් ද සිල්වා මයා – හෝකන්දර – රු. 1,000/-
* ශෂිකලා විතානගේ මිය – වාරියපොල – රු. 1,000/-
* ගීෂානි තක්ෂිලා මිය – නිට්ටඹුව – රු. 1,000/-
* වජිරා පතිරණ මිය – කලුතර – රු. 1,000/-
* ඉනෝෂා ශාලනා මිය – ගාල්ල – රු. 500/-
* නවෝද්‍යා රූබසිංහ මිය – මාතර – රු. 100/-
භාරගත් නමුත් බැර නොවුනු මුදල් රු.11,500/=
වියදම්
* භික්ෂුන් ගමන් බලපත්‍ර 10 – රු.10,000/=
* දුම්රිය භික්ෂු ගමන් බලපත්‍ර 15 – රු.12,000/=
* පත්කඩ සදහා රු.6,500/=
* රබර් පාවහන් කුට්ටම් 02 රු.1,500
* හම් පාවහන් කුට්ටම් 03 රු.4,500/=
* සර්ජිකල් / වෙලුම්පටි දුසිමයි / පුළුන් දුසිමයි රු.4,500/=
* කුඩ 02 රු.2,400/=
* මෝටීන් මදුරු කොයිල් පැක් 04 / මෝටීන් වේපරයිසර් 04 / ඉනෝ පැක් 01 / පෙනඩෝල් පැක් 01 / ස්වස්ථ අමෘථ පැක් 01 / ඩෙටොල් ප්ලාස්ටර් පැක් 01 / සමහන් පැක් 01 / ග්ලූකෝස් 02 / කැස්සපැනි වර්ග 03 / වේදනා නාශක ස්ප්‍රේ 02 / වින්ටිජිනෝ 02 – රු.17,682/=
* සස්ටජන් ටින් 02 රු.7,200/=
* වීදුරු කබඩ් එක සදහා රු.42,500/=
එකතුව රු.111,782/=
මේ මහා පින්කම සදහා සබන් / ටූත් බ්‍රශ් / බාම් / බල්බ් ආදී පූජා භාණ්ඩ තොගයක් රඹුක්කන අශෝක බෝධිරාජාධීෂ්වර පූජණීය ඇකිරියගල මංගල හිමියන් විසින් පූජා කරන ලදි.
මේ මහා පූජාව කොණ්ඩඥ්ඥ, සාරිපුත්ත, මොග්ගාලාන, ආනන්ද, නන්ද, රාහුල ආදී වු මහ උත්තමයාණන් වහන්සේලාගෙන් මේ සාශනය සෝබමන කරන, සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයන්ගෙන් සපිරි තුන් කල් වාසි මහා සංඝරත්නයට අග්‍ර වූ ප්‍රතිඵල සහිත උතුම් වූ පැවිදි පදවියේ උතුම් පිළිවෙත් පිරීම සදහාම හේතූ උපකාරකයක්ම වේවා 🙏
මේ උත්තම වූත් මහත්ඵල මහානිසංස වූත් මහ පින්කම සදහා යෝජනා කල සහ අදහස් ලබා දෙමින් පින්කම පෝෂණය කලා වූ
පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් තිරාණගම සමිතාභිනන්ද හිමියන්ටත්,
සෑම මොහොතකම අපහට අවවාද අනුසාශනා කරමින් අප ධර්ම මාර්ගයේ නිසි තැනට යොමු කරවන පින්වත් වනරතන ස්වාමින් වහන්සේටත්, රඹුක්කන ඩිමන්ත ගුණවර්ධන මහත්මානනටත්,
පින්කම සදහා දායකත්වයන් ලබා දෙමින් පින්කම යථාර්ථයක් කරදුන් බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන් සැමටත්,
අදාළ පින්කමට ශක්තියක් වූ අනුරාධපුර අමාලි අනුරාධා මහත්මියටත්
දැක බලා සතුටුවන පින්වත් සැමටත්,
අපහැදුන සිත් ඇත්තන් සැමටත් මේ මහා පින්කමෙන් ලැබුනා වූ සියලු පින් ඉතා ගෞරවයෙන් යුතුව අනුමොදන් කරමි!!!!
මෙපින් බලයෙන් ආනුභාවයෙන් සියලූම දෙනා නිදුක් නීරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලබත්වා !
මේ ඝෝර කටුක භයානක සසරින් මිදීමට වහ වහා හේතූ සකස් වේවා 🙏
තෙරුවන් සරණයි 🙏
කෝසල වීරතුංග

