Bosath Vishwakarma Foundation

Lighting Offering to the Rambukkana Bodhi Tree

Uncategorized

රඹුක්කන බෝධියට පූජා කල ආලෝක පූජාව━࿐
රඹුක්කන දහස් සංඛ්‍යාත බැතිමතුන්ට පින්කම් කිරීමට උත්තම තෝතැන්නක් වූ රඹුක්කන අශෝක බෝධිරාජාරාම විහාරස්ථානය උදෙසා සෝලා පහසුකම සහිත වොට් 1200ක් වූ ආලෝක පද්ධතියක් බෝසත් විශ්මකර්ම සමූහයේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍රයන්ගේ දායකත්වයෙන් පසුගියදා පූජා කරගන්නට විය.

දිනපතා පින් වැඩෙන උත්තම භූමියක් උදෙසා සිදු කල අසිරිමත් ආලෝක පූජාව දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා 🙏

එම පින්කම අපහට සිදු කරගන්නට අවස්ථාව සලසා දුන් රඹුක්කන අශෝක බෝධිරාජාධීෂ්වර පූජණීය ඇකිරියගල මංගල හිමියන්,

දායකත්වයන් ලබා දුන් බෝසත් විශ්මකර්ම සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතුන්,

ආලෝක පද්ධති ඩුබායිහි සිට ආරක්ෂිතව අප හට ලැබීමට සැලස්වූ, ඩුබායිහි චන්දන ප්‍රේමසිංහ මහත්මා,

ආලෝක පද්ධති ශ්‍රී ලංකා රේගුවෙන් නිරවුල්ව නිදහස් කරගැනීමට ශක්තිය ලබා දුන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පින්වත් තනුෂ්ක විජේසූරිය මහත්මා,
ඇතුලු මේ දිනපතා පින්වැඩෙන මහ පින්කම දැක බලා සතුටුවන සැමටත්
මේ රැස් උනා වූ සියලු පින්
නිදුක් නීරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පිණිසත්,

අවිද්‍යා අන්ධකාරයෙන් මිදි උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය පහසුවෙන්ම අවබෝධය පිණිසමත් හේතූ උපකාරයක්ම වේවා 🙏

තෙරුවන් සරණයි !
කෝසල වීරතුංග

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *