Bosath Vishwakarma Foundation

Illuminating the Majestic Quadrangle of Jethavanarama

Uncategorized

ජේතවනාරාම හතරැස්කොටුව ආලෝකමත් කල අසිරිමත් මහ පින්කම • ━━࿐
පින්වන්ත මහසෙන් නිරිඳු විසින් භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ භාග්‍යවතුන් වහන්සේගේ පටී ධාතූන් වහන්සේ නමක් තැන්පත් කරමින් තනවන ලද උතුම් වූ ජේතවනාරාම මහ වෙහෙරේ නිවී ගිය හතරැස් කොටුවේ සිට කොත් කැරැල්ල දක්වා වූ ආලෝක පද්දතිය වෙනුවට සෝලා පහසුකම සහිත වොට් 1200ක් වූ ආලෝක පද්ධති 08ක් බෝසත් විශ්මකර්ම සමූහයේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍රයන්ගේ දායකත්වයෙන් පසුගියදා පූජා කරගන්නට විය.

මෙම පින්කම සදහා රු.300,000/=ට ආසන්න මුදලක් බෝසත් විශ්මකර්ම සමූහයේ සත්පුරුෂ කල්‍යාණමිත්‍ර පින්වතුන් දරන ලදි.

ගිය වසරේ ජේතවනාරාම මහපුද බිමේ අක්කර අටක් වූ මහ මළුව සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ප්‍රධාන ආලෝක පද්දතියද අප විසින් පූජා කිරීමට භාග්‍යවන්ත වූ බව සිහිපත් කරනුයේ පින්වත් ඔබට අනුමෝදන් වීම පිණිසමය.

මේ මහ පින්කම සිදු කරගැනීමට අවකාශ සලසා දුන් ජේතවනාරාම පුදබිමේ තේවා භාර පින්වත් ස්වාමීන් වහන්සේ,

උතුරු පළාත් ප්‍රධාන සංඝනායක, ඓතිහාසික කුරුන්දි සහ සපුමල්ගස්කඩ මහපුණ්‍යස්ථානයන්හි උභය විහාරාධීෂ්වර අති පූජණීය, ගල්ගමුවේ සන්තබෝධි හිමියන්,

පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් තිරාණගම සමිතාභිනන්ද හිමියන්,

සම්බන්ධීකරණය සිදු කල පින්වත් සචිත් මහත්මා,

දායකත්වයන් ලබා දුන් බෝසත් විශ්මකර්ම සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතුන්,

ආලෝක පද්ධති ඩුබායිහි සිට ආරක්ෂිතව අප හට ලැබීමට සැලස්වූ, ඩුබායිහි චන්දන ප්‍රේමසිංහ මහත්මා,

ආලෝක පද්ධති ශ්‍රී ලංකා රේගුවෙන් නිරවුල්ව නිදහස් කරගැනීමට ශක්තිය ලබා දුන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පින්වත් තනුෂ්ක විජේසූරිය මහත්මා,
ඇතුලු මේ දිනපතා පින්වැඩෙන මහ පින්කම දැක බලා සතුටුවන සැමටත්
මේ රැස් උනා වූ සියලු පින්
නිදුක් නීරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පිණිසත්,

අවිද්‍යා අන්ධකාරයෙන් මිදි උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය පහසුවෙන්ම අවබෝධය පිණිසමත් හේතූ උපකාරයක්ම වේවා 🙏

තෙරුවන් සරණයි !
❂ කෝසල වීරතුංග ❂

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *