Bosath Vishwakarma Foundation

An Inspiring Journey of Compassion: The Foreign Monk’s Commitment to the Sacred Ruwanweliseya Since the Korana Period

Uncategorized

උන් වහන්සේද වැඩි සේක
៚━━━ • ❂❂ • ━━࿐
කොරානා අවසන් කාල වකවානුව තුල එනම් වසර තුනහමාරකට පෙර මහ සෑ පුණ්‍ය භූමියේ සති පින්කම් මාලාව ආරම්භ කල අවස්ථාවේ සිට උතුම් මහ සෑ පුණ්‍ය භූමියේදි මුණ ගැසුණු අතිශය පින්වන්ත යතිවරයාණන් වහන්සේ නමක් වන මෙම විදේශීය ස්වාමීන් වහන්සේ
අග්‍ර වූ ප්‍රත්ඵල සහිත උතුම් වූ පැවිදි පදවිය උපයෝගි කරගෙන ගිහිපැවිදි දෙපාර්ශවයටම මෛත්‍රිය පෙරදැරි කරගෙන සසුන් කෙත වැඩ වාසය කරනු ලබන පින්වන්ත හිමිනමක්.

පසු ගිය දිනක ඉතා අහම්බයකින් පින්වත් ස්වාමීන් වහන්සේ අපගේ නිවසට වඩින අවස්ථාවේ අප හට ඒ මොහොතට ගැලපෙන පරිදි පින්වත් ස්වාමීන් වහන්සේව උතුම් මහා සංඝරත්නය අරමුණු කරගෙන….
මුතු කුඩ මතින් වඩම්මවා…
පා දොවා, පාපිසිමින්
පින්වත් මහා සංඝරත්නය උදෙසා සිසිල් පැන් සහ පාන පූජාවන් සහ පිරිකර පූජාවන් සිදු කරගනිමින්
උන් වහන්සේ සමග පැය 07කට ආසන්න කාලයක් ධර්ම සාකච්ඡා කරමින් අප්‍රමාණ පුණ්‍ය සම්භාරයක් රැස් කරගන්නට හැකි විය.

කොණ්ඩඤ්ඤ මහ උත්තමයාණන්, සාරිපුත්ත, මහා මොග්ගල්ලාන, ආනන්ද, නන්ද, රාහුල ආදී වූ මහරහත් උත්තමයාණන් වහන්සේලාගෙන් පැවත එන, සුපටිපන්න,උජුපටිපන්න,ඤායපටිපන්න, සාමිචිපටිපන්න ආදී ගුණපුරන,
ගුණයෙන්‍ ගණනින් ප්‍රමාණ කළ නොහැකි, තුන්කල්වාසී ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරයම වේවා ..!!!

රැස් කරගත් අප්‍රමාණ පින් සහ කුසලයන් දැක බලා සතුටුවන සෑම පින්වතුන්ලාටම ඉතා ගෞරවයෙන් යුතුව අනුමෝදන් කරමි 🙏🙏🙏
අනුමොඉදන් වෙත්වා 🙏

මෙපින් බලයෙන් ආනූභාවයෙන් මේ ඝෝර කටුක භයානක සසරින් මිදී මේ ජීවිතය තුලදීම සුඛා පටිපදා ඛිප්පා භිඥ්ඥා ස්භාවයෙන් උතුම් නිවනින් සැනසීම පිණිසම මෙම පින් හේතූ උපකාරයක්ම වේවා 🙏

තෙරුවන් සරණයි 🙏
—කෝසල වීරතුංග—

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *