❂ දෙව් බඹුන් තුටු වූ කරඬු පූජාව❂ •
៚━ •රුවන්වැලිසෑය━࿐
බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ මූල්‍ය දායකත්වයන් රු.මිලියන තුනකට අධික මුදලක් වැයකොට නිර්මාණය කල අසිරිමත් සම්බුද්ධ මණ්ධිරයේ තැන්පත් කිරීම පිණිස ගෙන්වා ගත් සධාතුක කරඩු වහන්සේ සහ මහරහත් ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම උදෙසා වූ පරිවාර කරඩු වහන්සේලා 14 පෙරේදා දින උතුම් වූ රුවන්වැලිසෑ ප්‍රධාන විහාරයට වඩම්මවා
සුවදවත් වූ වර්ණවත් වූ මලින් පුදා,
පිරිසිදු සිසිල් පැන් සහ උණු පැන් පූජාවන්
ප්‍රණීත අෂ්ඨපාන පූජාවන්
පාන ඖෂධ පූජාවන් සිදු කොට ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේට ජීවමාන සංඥාවෙන් යුතුව පූජා කොට
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ වැඩමවීමෙන්
තුන් සූත්‍රය, ධම්මචක්ක පවත්තන සූත්‍රය, මහා සමය සූත්‍රය, ධජග්ග සූත්‍රය ආදි මහානූභාව සම්පන්න සූත්‍ර දේශනාවන් සජ්ජායනා කොට
සධාතුක කරඩු වහන්සේ සහ පරිවාර කරඩු වහන්සේලා
උතුම් වූ මහා සංඝරත්නයේ ස්පර්ශයෙන්
පාගමනින් රුවන්වැලිසෑ පරිශ්‍රයේ සිට අනුරාධපුර පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලා පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ සම්බුද්ධ මණ්ධිරය වෙත වඩම්මවා මහා සංඝරත්නය විසින්ම තැන්පත් කරන ලදි.
මේ මහා පින්කම දැක බලා සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙත්වා 🙏
පින්කම ඉතාමත් මහේශාඛ්‍ය අන්දමින් ප්‍රධාන සම්බුද්ධ මණ්දිරය තුල පැවැත්වීමට අවසර ලබා දුන් රුවන්වැලිසෑ චෛත්‍යරාමාධිපති, අති පූජණීය
ඊතලවැටුණු වැවේ ඥාණතිලක නායක මාහිමිපාණන් වහන්සේ ඇතුලු වැඩවාසය කරන අති පූජණීය මහා සංඝරත්නයටත්,
මේ උතුම් වූ පුණ්‍ය කර්මය සදහා අවශ්‍ය කරඩු වහන්සේලා ලබා ගැනීම පිණිස අතිශය ගෞරවණීය දායකත්වයන් ලබා දෙමින් රුපියල් ලක්ෂ 6කට ආසන්න මුදලක් දරමින්, පින්කම සෝබමාන කල අපගේ බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වත් සැමටත්,
පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් සමිතාභිනන්ද හිමියන්ටත්,
පින්කමට වැඩම කලා වූ,
උතුරු පළාත් ප්‍රධාන සංඝනායක, සපුමල්ගස්කඩ සහ කුරුන්දි ඓතිහාසික පුදබිමේ උභය විහාරාධීෂ්වර, අති පූජණීය ගල්ගමුවේ සන්තබෝධි නායක මාහිමිපාණන් වහන්සේටත්,
නකල්ස් ශ්‍රී සුමේධ භාවනා අසපුවේ නිර්මාතෘවර පින්වත් එප්පාවල සාගර සුමන හිමියන්ටත්,
පින්කමට මහත් සේ ශක්තියක් වූ පින්වත් සුධම්මානන්ද නායක හිමිපාණන් වහන්සේ සහ මහානාම ස්වාමීන් වහන්සේ, ඇතුලු
වැඩම කලා වූ උතුම් වූ මහා සංඝරත්නයටත්,
කාය ශ්‍රම පූජාවෙන් ශක්තියක් වූ බෝසත් විශ්මකර්ම පදනමේ සියලු සාමාජිකයන්ටත්,
දැක බලා සතුටුවන සැමටත්
නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා !
සසර පුරාවට කලා වූ සියලු පින් බලාත්මක වී
මේ ජීවිතය තුලදීම උතුම් නිවනින් සැනසීම පිණිසම මෙම පින් හේතූ වේවා 🙏
තෙරුවන් සරණයි 🙏
කෝසල වීරතුංග
අපගෙ පින්කම් සමූහය හා එක් වීමට පහත වට්සැප් ගෲප් එක හා එකතු වෙන්න
https://chat.whatsapp.com/GMTw3HtaQAA2SsTHfgmycG
අපගේ බෝසත් විශ්මකර්ම සමූහය විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත…
https://bosathvishwakarmafoundation.com/
බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a
Youtube නාලිකාව
https://youtube.com/@kosalaweerathunga?si=cH5Lxtu3_8U27n8H























































