*៚━━ •දුර්ලභ මහා පින්කමක්• ━━࿐*
පිලිවෙත් පුරනා මහා සංඝරත්නය උදෙසා භාවනා සහ පිරිත් සජ්ජායනා සදහා අතිශය වශයෙන් අවශ්‍ය වන ( නවගුණ වැල වෙනුවට භාවිතාකරන උපකරණ) රු.ලක්ෂ දෙකක් වටිනා ඩිජිටල් අංක ගණන් කිරීමේ උපකරණ බෝසත් විශ්මකර්ම සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ දායකත්වයන් මත තායිලන්තයෙන් ගෙන්වන ලදි.
රුවන්වැලිසෑය ථූපාරාමය මිරිසවැටිය අභයගිරිය ජේතවනාරාමය, ජය ශ්‍රි මහා බෝධිය ආදී වූ මහ පුණ්යස්ථානයන්හි ආරණ්‍යගත පින්වත් මහ සඝරුවන සුවසේ භාවනා යෝගීව වැඩ සිටින අතර උන්වහන්සේලාටත් අප හට අහම්බයෙන් මුණ ගැසෙන පින්වත් මහ සඝරුවනටත් පූජා කරගැනීම පිණිස මෙම උපකරණ පූජාව යොදා ගැනීමට නියමිතයි.
පළමු ගණින උපකරණය අති පූජණීය රාජගිරියේ අරියඥාණ හිමියන්ට මහා සංඝරත්නය අරමුණු කරගෙන පූජා කරගන්නට හැකි වූ අතර,
අති පූජණීය දෙනියායේ උපසම හිමියන් උදෙසාද උපකරණයක් පූජා කරගැනීමට භාග්‍යය හිමි විය.
අනතුරුව පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවට වැඩි මහා සංඝරත්නය උදෙසාත්, මහ සෑ පුණ්‍යභූමියේ.මුණ ගැසුණු පින්වත් මහා සංඝරත්නය උදෙසා පූජා කරගන්නට විය.
පිලිවෙත් පුරණා මහා සඝරුවනට පහසුවෙන් එම භාවනාවන් සහ පිරිත් සජ්ජායනාවන් සුවසේ සිදු කරගැනීමට උපකාරක ධර්මයන් සකස් කරමින් සිදු කරගත් වූ මේ මහා පින
දායකත්වයන් ලබා දුන් බෝසත් විශ්මකර්ම සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වත් සැමටත්, දැක බලා සතුටු වන සැමටත්
නිදුක් නීරෝගී සුවපත් භාවය පිණිසත්,
අසත්පුරුෂ සහ මිත්‍යා දෘෂ්ඨික ඇසුරන් දුරු වීම පිණිසත්,
සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර සම්පත්තිය බලවත් වීම පිණිසත්
මේ ජීවිතය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පහසුවෙන්ම අවබෝධය පිණිසත් හේතූ උපකාරයක්ම වේවා 
තෙරුවන් සරණයි 
━ • ❂ කෝසල වීරතුංග ❂ • ━
අපගේ බෝසත් විශ්මකර්ම සමූහය විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත…
අපගෙ පින්කම් සමූහය හා එක් වීමට පහත වට්සැප් ගෲප් එක හා එකතු වෙන්න
බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය





