Bosath Vishwakarma Foundation

Motorcycle Offering to the Remote Pulmudai Aethanaegikanda Forest Monastery

Uncategorized

අතිශය දුෂ්කර පුල්මුඩේ ඇතානැගිකන්ද ආරණ්‍යසේනාසනයට පූජා කල නවතම යතුරුපැදි පූජාව

පොල්ගස්දූව ආරණ්‍යසේනාධිපති අති පූජණීය රජ්ගම විවේක විහාරී ලොකු ස්වාමින් වහන්සේට පහළ වූ උතුම් සිතුවිල්ලකට අනුව අතිශය දුෂ්කර පුල්මුඩේ ඇතානැගිකන්ද ආරණ්‍යසේනාසනයේ වැඩ වාසය කරන්නා වූ මහා සංඝරත්නය උදෙසා ගමන් පහසුව පිණිස කැපකරු මහත්මා හරහා පැදවීම අරමුණු කරගෙන රු.600,000/=ක් පමණ වටිනා අලුත්ම යතුරු පැදියක් අද දින බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ ගෞරවණීය දායකත්වයන් මත සඟසතු කොට පූජා කරගන්නට විය.

පුල්මුඩේ සිටි කිලෝමීටර් 17ක් පමණ වන පෙදෙසකට ඇතුල්ව, අතිශය දුෂ්කර වූ කිලෝ මීටර් 10කට ආසන්න මහ කැලයේ පවතින බොරලු පාරේ ගමන් කල හැක්කේ ට්‍රැක්ටර්, ලැන්ඩ් මාස්ටර් හෝ යතුරුපැදි පමණි.

මහා සංඝරත්නය වැඩ සිටින ආරණ්‍යසේනාසනය අවට කිලෝ මීටර් 5කට ආසන්න ප්‍රමාණයේ සිංහල පවුල් නොමැති තරම් නිසාවෙන්ම දන් පැන් සකස් වනුයේ ආරණ්‍යසේනාසනයේ සිටින කැපකරු මහත්මා අතිනි.

එම දානය සදහා අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ඒමට, පින්වත් මහ සඝරුවනට ඖෂධ ආදීය ලබා ගැනීමට මෙම යතුරුපැදිය යොදා ගන්නේය.

අවශ්‍ය දේ අවශ්‍යම තැනට පූජා විය.
සාදූ සාදූ සාදූ 🙏

යතුරුපැදි පූජාව තුළ මහ සඝරුවනට පිලිවෙත් පිරීම සඳහා උපකාරක ධර්මයන් සකස්කරදීම තුල
රැස්කරගන්නට යෙදුණා වූ සියලු පුණ්‍ය සම්භාරයන්…

මේ මහා පින්කම සඳහා මා තුළ සිත් පහලකර දුන්නා වූ
පොල්ගස්දූව ආරණ්‍යසේනාධිපති අති පූජණීය රජ්ගම විවේකවිහාරී ලොකු හාමුදුරුවන් වහන්සේටත්,

වැඩමකරන්නට යෙදුනාවු පුල්මුඩේ මිහිදුලෙන ආරණ්‍යසේනාධිපති පින්වත් නායක ස්වාමින් වහන්සේටත්

ඇතානැගිකන්ද ආරණ්‍යසේනාසනයේ භාරකාර අසිරිමලේ ආරණ්‍යසේනාසනවාසි පින්වත් ස්වාමින් වහන්සේ ප්‍රධාන වැඩම කරන්නට යෙදුණා වූ සියලූම උතුම් මහා සංඝරත්නයටත්,

මේ මහ පින්කම අතිශය සාර්ථකව සිදු කරගන්නට වටිනා කාය ශ්‍රම පූජාව, වටිනා ධනය, වටිනා කාලය කැප කලා වූ බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන් සැමටත්,

මෙ සොඳුරු මහ පින්කම දැක බලා සතුටුවන පින්වත් සියලූම දෙනාටත් ,

නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂම ලැබේවා 🙏

ආයූෂය වර්ණය සැපය බලය ප්‍රඥාව වැඩේවා 🙏

අසත්පුරුෂ ඇසුර පාප මිත්‍ර ඇසුර, මිත්‍යාදෘෂ්ට්ඨික ඇසුරන් සියල්ල දුරු වේවා 🙏

සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර සම්පත්තිය නිරන්තරයෙන් බලාත්මක වේවා 🙏

මේ සුන්දර පූජාවේ ආනුභාවයෙන් සැමට ප්‍රාර්ථානා කරන්නා වූ බෝධියකින් උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මයෝ සුඛා පටිපදාවෙන්ම අවබෝධ කරගැනීමට සියලු හේතූ සකස් වේවා🙏

තෙරුවන් සරණයි පින්වත් සැමට 🙏
කෝසල වීරතුංග

A brand-new motorcycle valued at approximately LKR 600,000 was ceremonially offered today to the extremely remote Pulmudai Aethanaegikanda Aranya Senasanaya (Forest Monastery) for the convenience of the Maha Sangha residing there.

This meritorious act was inspired by the noble thought of the Chief Incumbent of Polgasduwa Forest Monastery, the Most Venerable Rajagama Vivekavihari Loku Swamin Wahanse. Through the generous contributions of the virtuous donors of the Bosath Vishwakarma Foundation, the motorcycle was formally offered to the Sangha for religious use.

The monastery is located about 17 kilometers from Pulmudai, and nearly 10 kilometers of the journey runs through dense forest terrain on a difficult gravel road, accessible only by tractor, Land Master vehicle, or motorcycle.

As there are virtually no Sinhala families within a 5-kilometer radius of the monastery, daily alms and meals for the resident monks are prepared by the devoted caretaker.

This motorcycle will be used to:

  • Transport essential supplies needed for preparing alms

  • Obtain medicine and other necessities for the Maha Sangha

  • Facilitate transportation in this extremely challenging terrain

A needed offering was made at the place it was most needed.
Sadhu, Sadhu, Sadhu 🙏


Blessings and Merits

Through this meritorious offering and the supportive acts carried out for the Maha Sangha, may all accumulated merits be shared with:

  • The Most Venerable Rajagama Vivekavihari Loku Hamuduruwo, Chief Incumbent of Polgasduwa Forest Monastery, who inspired this noble thought.

  • The Venerable Chief Monk of Mihidulena Aranya Senasanaya in Pulmudai.

  • The Venerable monks of Aethanaegikanda Forest Monastery and all members of the Maha Sangha who participated.

  • The virtuous donors of the Bosath Vishwakarma Foundation who contributed their valuable time, wealth, and physical effort to make this meritorious act successful.

  • All those who rejoice in this wholesome deed.

May all be blessed with good health, long life, happiness, strength, and wisdom.
May association with unwholesome and misguided influences be removed.
May noble friendships and spiritual companionship always flourish.
Through the power of this offering, may all conditions arise for the realization of the Noble Fourfold Truth through the path of peace and happiness.

May the blessings of the Triple Gem be upon all.

Theruwan Saranai 🙏
Kosala Weerathunga

 
 

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *