පිලිවෙත් පුරණ මහා සංඝරත්නයේ ප්‍රයෝජනය පිණිස සිදු කල අසිරිමත් ස්මාට් දුරකථන පූජාව
නවීන තාක්ෂණය සමග මේ වන විට සූත්‍ර පිටක අභිධර්මය ඇතුලු මේ මහා ශ්‍රී සත්ධර්මය ක්ෂණයෙන් අන්තර්ජාලය හරහා පරිශීලණය කිරීමේ හැකියාව ඇත.
ඒ අරමුණ පෙර දැරිව මහා සංඝරත්නයට අවශ්‍ය ධර්ම දත්තයන් පරිශීලය පිණිස මෙම ස්මාට් දුරකථන පූජාව සිදු කරගන්නට විය.
මෙය සමූහයට ඇතුළත් කිරීමටත් පෙර බෝසත් විශ්මකර්ම සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතකුවන කැනඩාවේ ඉෂාන් අතුරුලීය මහත්මා ඒ මහා පූජාවේ බර පැන වන රු.60,000/=ක මුදල දායක වන ලදි.
ඒ අග්‍ර වූ ප්‍රතිඵල සහිත උතුම් වූ පැවිදි පදවියේ සැබෑ අර්ථය සුරකිමින් භාග්‍යවතුන් වහන්සේ දෙසූ මග වඩිමින් පිළිවෙත් පුරනා,
ගල්දූව ආරණ්යසේනාසනවාසී අති පූජණීය කැළණියේ විපුලඥාණ හිමියන් වෙනුවෙන් මහා සංඝරත්නය අරමුණු කරගෙන මේ උතුම් පූජාව සිදු කරන ලදි.
සිදු කලා වූ ඒ අසිරිමත් පූජාවෙන් මතු වූ සියලු පින්
දායකත්වයන් ලබා දුන් කැනඩාවේ ඉෂාන් අතුරුලීය මහත්මා ඇතුලු පවුලේ සැමටත්,
දැක බලා සතුටු වන පින්වත් සැමටත්,
ධර්ම පිපාසය නිවි, පහසුම අයුරකින් මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතූ වේවා !
තෙරුවන් සරණයි !
කෝසල වීරතුංග
අපගෙ පින්කම් සමූහය හා එක් වීමට පහත වට්සැප් ගෲප් එක හා එකතු වෙන්න
https://chat.whatsapp.com/JCEKp6EQRB4JTSw3m7E6kD
අපගේ බෝසත් විශ්මකර්ම සමූහය විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත…
Home
බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a
Youtube නාලිකාව
https://youtube.com/@kosalaweerathunga?si=cH5Lxtu3_8U27n8H






