Bosath Vishwakarma Foundation

Hot Water Shower Offering to Pathis Vehera Dana Hall

Uncategorized

Hot Water ෂවර් පූජාව

අනුරාධපුර පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ වැඩ වාසයකරමින් ඒ අනාරාධිතව වඩිනා මහා සඝරුවනට දන් පැන් පූජා කිරීමට අවශ්‍ය උපකාරක ධර්මයන් සකස් කරමින් පිළිවෙත් පුරමින් වැඩ වාසය කරනා පින්වත් සුමේධ ස්වාමින් වහන්සේ උදෙසා මහා සංඝරත්නය අරමුණු කරගනිමින් උණු පැන් ස්නානය පිණිස මෙම යන්ත්‍රය පූජා කරගන්නට විය.

මේ මහා පූජාවෙන් මතුවූ සියලු පින් රු.50,000/=ක් පමණ වටිනා මෙම යන්ත්‍රය ඉතා ගෞරවයෙන් යුතුව පූජා කරන්නට අප වෙත එවූ රුවන්වැල්ල ඉෂාර වීරකෝන් මහත්මාටත්
පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් තිරාණගම සමිතාභිනන්ද හිමියන්ටත්,
දැක බලා සතුටු වන පින්වත් සැමටත් නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසත්,
මේ ගෞතම සම්මා සම්බුද්ධ සාශනය තුලදීම උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය පහසුවෙන්ම අවබෝධය පිණිසමත් හේතූ උපකාරයක්ම වේවා 🙏

තෙරුවන් සරණයි 🙏 
කෝසල වීරතුංග

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *