෴ කුටි සෙනසුන් පූජාව ෴
៚━ • “මුදිතා කුටිය”• ━࿐
අනුරාධපුර පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලා පරිශ්‍රයේදී, උතුම් වූ මහා සංඝරත්නය අරමුණු කරගනිමින් දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් පූජ්‍යපාද තිරාණගම සමිතාභිනන්ද හිමියන්ට මෙම කුටි සෙනසුන සඟසතුකොට පූජා කිරීමෙන් අනතුරුව,
ගල්දූව ආරණ්‍යසේනාසනවාසී අති පූජණීය කැළණියේ විපුලඥාණ හිමියන් උදෙසා මෙම “මුදිතා කුටිය” 2024-12-06 වන දින පූජා කළ වගයි෴
බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ එකතුවෙන් රුපියල් ලක්ෂ 08ක් පමණ වියදමකින් මේ උත්තම පූජාව ඉතා ගෞරවයෙන් යුතුව පසුගියදා සිදු කරන්නට උනා….
මේ උතුම් වූ කුටි සෙනසුන් පූජාව ත්‍රෛකාලික වූ මහා සංඝරත්නය අරමුණු කරගනිමින්
අධික සීතලෙන් මිදීම පිණිස ද,
අධික උෂ්ණයෙන් මිදීම පිණිස ද,
මැසි මදුරු ගෝනුසු පත්තෑ සර්ප ආදී සතුන් ගේ ස්පර්ශයෙන් සහ දෂ්ට කිරීම් වලින් මිදීම පිණිස ද,
අව් වැසි සුළං ආදියෙන් මිදීම පිණිස ද,
පහසුවෙන් සිල් රැකීම පිණිස ද,
පහසුවෙන් සමාධිය වැඩීම පිණිස ද,
පහසුවෙන් ප්‍රඥාව වැඩීම පිණිස ද,
කැමතිතාක් සමථය වැඩීම පිණිස ද,
කැමතිතාක් විදර්ශනා වැඩීම පිණිස ද,
සියලු අභිඥාවන් වැඩීම පිණිස ද,
උතුම් වූ නිවන සාක්ෂාත් කිරීම පිණිස ද,
උතුම් වූ අනුපාදිසේස නිර්වාණයට ප්‍රාප්ත වන තෙක් පහසුවෙන් වැඩ වාසය කිරීම පිණිස ද,
සියලු සත්වයන්ට අනුකම්පා පිණිසද,
පහසුවෙන් ම සාසනික සේවයන් ඉටු කිරීම පිණිස ද හේතු වේවා !!!
චිරාත් කාලයක් සම්බුද්ධ සාසනය පවතීවා !
කුටි සෙනසුන් පිදීම වූකලී සියල්ල දුන්නා හා සමානයැයි ධර්මයේ සඳහන් වේ…
ඉමහත් සැදැහැයෙන් සිදු කළ මේ පූජාව නිසාවෙන් මහා සංඝරත්නයට සහ උන්වහන්සේගේ කුටියට ආරක්ෂාව ලැබෙන්නේ යම්සේද….
පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් පූජ්‍යපාද තිරාණගම සමිතාභිනන්ද හිමියන්ට,
දාන ශාලා පරිශ්‍රයේ වැඩ සිටින පින්වත් පූජ්‍යපාද සුමේද ස්වාමීන් වහන්සේට,
දායකත්වයන් ලබා දුන් බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන් සැමට,
කාය ශ්‍රම පූජාවෙන් ශක්තිය ලබා දුන් පින්වත් සියලූම දෙනාට සහ දැක බලා සතුටු වන සියලු පින්වත් පිරිසට…..
සසර නිවන් දකිනා තුරු සියලු ජීවිත වල..
අනතුරු අන්තරා ආදියෙන් ආරක්ෂාවම වේවා!
සියලු අකුසල් අහෝසී වේවා 🙏
කයේ දුක් දුරු වෙත්වා🙏
සිතේ දුක් දුරු වෙත්වා 🙏
සුවසේ වහ වහා නිවන් අවබෝධය පිණිසම මේ කුසල් උත්තම ශක්තියක් වේවා 🙏
සක් දෙවිදුන්, සතරවරම් දෙව් රජවරුන් ප්‍රධාන සියලු සම්‍යක්දෘෂ්ඨික දෙව් රජවරුන් සහ සූර්‍ය දෙව් රජුන්, වැස්සවලාහක සහ වාත වලාහක දෙව් රජවරුන් ප්‍රධාන සියලු අල්පේශාඛ්‍ය මහේශාක්‍ය දෙව් රජවරුන් සැමට මෙම කුසලයන් සාදූ නද දී අනුමෝදන් කරමි 🙏
එපින් බලයෙන් උන් වහන්සේලාගේද දිව්‍ය යස ඉසුරු, දිව්‍ය ආයූෂ වර්ධනය වේවා 🙏
වහ වහා නිවනින් සැනසෙත්වා 🙏
පින් කැමති සියලු සත්වයෝ සාධු කාර දෙමින් පහන් සිතින් අනුමෝදන් වෙත්වා!!!
තෙරුවන් සරණයි !
— කෝසල වීරතුංග —
අපගෙ පින්කම් සමූහය හා එක් වීමට පහත වට්සැප් ගෲප් එක හා එකතු වෙන්න
https://chat.whatsapp.com/D29WkZTw76VB9k8KHMkUV7
අපගේ බෝසත් විශ්මකර්ම සමූහය විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත…
https://bosathvishwakarmafoundation.com/
බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a
Youtube නාලිකාව
https://youtube.com/@kosalaweerathunga?si=cH5Lxtu3_8U27n8H
පෑතිස් වෙහෙර දාන ශාලාව පෑතිස් වෙහෙර දාන ශාලාව Ven Thiranagama Samithabhinanda



























