Bosath Vishwakarma Foundation

Lighting Offering to the Sacred Paethis Vihara

Uncategorized

පෑතිස් වෙහෙරට පූජා කල ආලෝක පූජාව• ━━࿐
අනුරාධපුර මහ පුණ්‍යස්ථානයන් වන්දනා කරගැනීමට පැමිණෙන මහා සංඝරත්නය උදෙසා අනාරාධිතව දන් පැන් පූජා කරමින් උන්වහන්සේලාට වැඩ සිටීමට කුටි සෙනසුන් නිර්මාණය කරමින් මහ පින්කම් සදහා තෝතැන්නක් වුනා වූ අනුරාධපුර පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාව උදෙසා සෝලා පහසුකම සහිත වොට් 1200ක් වූ ආලෝක පද්ධතියක් බෝසත් විශ්මකර්ම සමූහයේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍රයන්ගේ දායකත්වයෙන් පසුගියදා පූජා කරගන්නට විය.

දිනපතා පින් වැඩෙන උත්තම භූමියක් උදෙසා සිදු කල අසිරිමත් ආලෝක පූජාව දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා 🙏

එම පින්කම අපහට සිදු කරගන්නට අවස්ථාව සලසා දුන් පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් තිරාණගම සමිතාභිනන්ද හිමියන්,

උතුරු පළාත් ප්‍රධාන සංඝනායක, ඓතිහාසික කුරුන්දි සහ සපුමල්ගස්කඩ මහපුණ්‍යස්ථානයන්හි උභය විහාරාධීෂ්වර අති පූජණීය, ගල්ගමුවේ සන්තබෝධි හිමියන්,

දායකත්වයන් ලබා දුන් බෝසත් විශ්මකර්ම සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතුන්,

ආලෝක පද්ධති ඩුබායිහි සිට ආරක්ෂිතව අප හට ලැබීමට සැලස්වූ, ඩුබායිහි චන්දන ප්‍රේමසිංහ මහත්මා,

ආලෝක පද්ධති ශ්‍රී ලංකා රේගුවෙන් නිරවුල්ව නිදහස් කරගැනීමට ශක්තිය ලබා දුන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පින්වත් තනුෂ්ක විජේසූරිය මහත්මා,
ඇතුලු මේ දිනපතා පින්වැඩෙන මහ පින්කම දැක බලා සතුටුවන සැමටත්
මේ රැස් උනා වූ සියලු පින්
නිදුක් නීරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පිණිසත්,

අවිද්‍යා අන්ධකාරයෙන් මිදි උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය පහසුවෙන්ම අවබෝධය පිණිසමත් හේතූ උපකාරයක්ම වේවා 🙏

තෙරුවන් සරණයි !
කෝසල වීරතුංග

අපගෙ පින්කම් සමූහය හා එක් වීමට පහත වට්සැප් ගෲප් එක හා එකතු වෙන්න
https://chat.whatsapp.com/GMTw3HtaQAA2SsTHfgmycG

අපගේ බෝසත් විශ්මකර්ම සමූහය විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත…
https://bosathvishwakarmafoundation.com/

බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a

Youtube නාලිකාව
https://youtube.com/@kosalaweerathunga?si=cH5Lxtu3_8U27n8H

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *