Bosath Vishwakarma Foundation

A Monument of Devotion: The Dedication of the Sambuddha Mandira in Honor of Infinite Merits and Virtues of the Blessed Lovuthara Buddha

Uncategorized

••සම්බුද්ධ මණ්ධිරය සඝසතු කිරීම සහ 60 වන සංඝගත දක්ෂිණාව••
៚━━━━ • ❂ • ━━━━࿐
❂ •2024-10-26•❂

රුපියල් මිලියන තුනකට වැඩි මුදලක් වැය කරමින් ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේ සාරාසංඛ කල්ප ලක්ෂ ලක්ෂයක් පුරාවට වින්දා වූ අප්‍රමාණ දුක් පීඩා උදෙසා සහ පිරුවා වූ දස පාරමී දම් උදෙසා, අපරිමිත ගුණයන් ඥාණයන් උදෙසා අප්‍රමාණ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුතුව නිර්මාණය කලා වූ සම්බුද්ධ මණ්ධිරය සඝසතු කොට පූජා කරන ලදි.

මේ මහා පින්කම සදහා අපහට ඉතා සත්පුරුෂ ලෙස අවස්ථාව ලබා දුන් පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් තිරාණගම සමිතාභිනන්ද හිමියන්,

එමෙන්ම රුපියල් මිලියන තුනකට අධික මුදලක් මෙම අශ්චර්‍යමත් සම්බුද්ධ මණ්ධිරය උදෙසා දායකත්වයන් ලබා දෙමින් පින්කම සෝබමාන කල අපගේ බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන්,

ජීවමාන සංඥාවෙන් යුතුව වන්දනා කරගැනීම පිණිස ඉතා ගෞරවණීය සම්බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරදුන් සත්‍යජිත් රංගනාත් මහත්මා,

ඉතා අලංකාර කැටයම් සමගින් සම්බුදු රජාණන් වහන්සේ දරාගත් ආසනය, පූජා ආසනය සහ සධාතුක ධාතූන් වහන්සේලා මහරහත් ධාතුන් වහන්සේලා දරාගත් ආසනය නිර්මාණය කර දුන් NSP නාගම මහත්මා,

ඉතා ගෞරවණීය ප්‍රධාන සහ පරිවාර කරඬු වහන්සේලා ඉතා විශ්වාසනීයව ගෙන්වා දුන් තායි කරඬු ආයතනයේ ප්‍රදීප් මහත්මා,

සම්බුද්ධ මණ්ධිරය සදහා ගෙන්වන ලද රත්‍රන් පැහැති වියන් ආදිය සහ ඉදිරිපස දැව පිවිසුම ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව සකස් කර දුන් පින්වත් මහත්මා,

සම්බුද්ධ මණ්ධිරයේ ගොඩනැගිලි සැකැස්ම කාය ශ්‍රම පූජාවෙන් ඉතා අලංකාරව නිම කර දුන් බේරුවල තුසිත ප්‍රදීප් මහත්මා ඇතුලු පින්වත් කළ්‍යාණමිත්‍ර සමූහය,

ධාතු මණ්දිරයේ කටයුතු ආරම්භයේ සිට අවසානය දක්වා සොයා බලමින් අතිශය ගෞරවණීය ශක්තියක් ලබා දුන් අනුරාධපුර අනුර නන්දලාල් මහත්මා,

අවැසි මොහොතේ නිරතුරුවම රැදෙමින් අවශ්‍යතාවය වෙනුවෙන් පෙනීසිටි අනුරාධපුර අමාලි අනුරාධා මහත්මිය,

මෙම පින්කම් මාලාව පුරාවට වැඩ කටයුතු සොයා බලමින් ශක්තියක් වූ පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලා පරිශ්‍රයේ වැඩ වසන පින්වත් සුමේධ ස්වාමීන් වහන්සේ,

පින්කමේ වැඩකටයුතු සදහා ඉතා වෙහෙසකර ශක්තියක් වෙමින් තම කාය ශ්‍රම පූජාව ඉතා ඕනෑකමින් ලබා දුන් පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලා පරිශ්‍රයේ පින්වත් සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර සැම සහ බෝසත් විශ්මකර්ම සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතුන් සැම ඉතා ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.

” කප්පානි සත සහස්සානී
සංඝේ දින්නං න නස්සති “

“සංඝයා උදෙසා හිත පහදා දුන් දානයෙන් ලැබෙන පුන්‍ය විපාකය කල්ප සිය දහස් ගනනක් ගෙවී ගියද අවසන් නොවේ”

ගෞතම වන්දනා 160 වන පින්කම ලෙස,
සතර දෙසින් වඩිනා පින්කෙතක් බදුවූ මහා සඝරුවන උදෙසා සැම සතියකම සිදුකරන අසිරිමත් සංඝගත දක්ෂිණාව ඉතාම අසිරිමත් ලෙස සහ ගෞරවණීය ලෙස සම්බුද්ධ මණ්ධිරයේ නිරාවරණ දිනයේම සිදු කිරීමට හැකි වූවා.

මේ සදහා බෝසත් විශ්මකර්ම සමූහයේ අපගේ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ කාලය ශ්‍රමය ධනය ඉතා ගරු සරුව ලබා දුන්නා…

🔸 ඉතා ගෞරවයෙන් දානය සකස් කර,
🔸 පා දෝවනය කර,
🔸 පළමුව කැපසරු අයුරින් සැකසූ දෙතිස් ව්‍යාංජන සහිත දහවල සම්බුද්ධ පූජාව පූජා කර
🔸 ඉතා ප්‍රණීතව සැකසූ දානය සියලු දෙනාම හා එක් වී පින්වත් ස්වාමින් වහන්සේලාට සහ පින්වත් මෑණිවරුන්ට පූජා කර ,
🔸 ස්වාමින් වහන්සේලාගේ පා කමල් වන්දනා කර

🔸 දානය අවසානයේ ප්‍රණීත වූ , චීස්, පළතුරු සැලඩ්, කේක්, අයිස්ක්‍රීම්, කිරි පැනි, කැවුම් සහ
රු.500ක් වටිනා ෆුඩ් සිටි වව්චර් එකක්, රු300ක් වටිනා ෆෝන් කාඩ් පූජා කිරීම සිදු කරන ලදි.

මෙලෙස අසිරිමත් පින්කමක් අපමණ පිරිසකට පින් කරගැනීමට අවස්ථාව ලබා දීමට හැකි වීම පිළිබද මා ඉතාම සතුටට පත් වෙමි.

අනේකවිධ ගැටලුකාරී තත්ත්වයන් මගහරවා ගනිමින් විපත්ති සමයකදී මේ සා මහ පින්කමක් කරගැනීමට කළ්‍යාණමිත්‍ර භාවයෙන් අප හට අවස්ථාව ලබා දුන් පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් පූජණීය සමිතාභිනන්ද හිමිපාණන්ට
එමෙන්ම වැඩම කළ සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට සහ පින්වත් මෑණියන් වහන්සේලාට
මෙම පින්කම මේ අයුරින් මනාව සංවිධානය කරගැනීමට එමෙන්ම, උත්තම ශ්‍රම පූජාවෙන් නිදි වර්ජිතව මේ සඳහා සම්බන්ධ වෙමින් සියලු දුක් කරදර පසෙකලා මේ සඳහා සම්බන්ධ වූ පින්වත් කළණ මිතුරු කැළටද, දානයන් භාරගනිමින්, අමුද්‍රව්‍ය සපයමින් සහ මූල්‍යමය දායකත්වයන් ලබා දෙමින් සම්බන්ධ වූ බෝසත් පුතුන් සමූහයේ පින්වත් සියලු කළ්‍යාණමිත්‍ර සැමටද,
දැක බලා අනුමෝදන් වන සැමටද , වචනයෙන් පවා උපකාර කළ සැමටද, මෙම මෙහේශාක්‍ය පුණ්‍ය ධර්මයෝ ඒකාන්තයෙන්ම මෙම අත්භවයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයෝ දැකීමට…අවබෝධය පිණිසම හේතූ වේවා 🙏

එමෙන්ම මෙතෙක් අප සැම නමින් සංසාරගතව මිය පරලොව ගොස් අභව්‍යව පින් බලාපොරොත්තු ව වෙසෙන යම් සත්ව කොට්ඨාසයන් ඇත්ද ඒ සැමද මේ සියල්ල දැකබලා අනුමෝදන් ව වහ වහා දුකින් අත්මිදේවා !!!

තෙරුවන් සරණයි !

🙏 සාදූ ! සාදූ ! සාදූ ! 🙏
──────⊱❂⊰──────
තෙරුවන් සරණයි !
°•කෝසල වීරතුංග•°

අපගෙ පින්කම් සමූහය හා එක් වීමට පහත වට්සැප් ගෲප් එක හා එකතු වෙන්න
https://chat.whatsapp.com/GMTw3HtaQAA2SsTHfgmycG

අපගේ බෝසත් විශ්මකර්ම සමූහය විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත…
https://bosathvishwakarmafoundation.com/

බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a

YOUTUBE නාලිකාව සදහා
https://youtube.com/@kosalaweerathunga?si=cH5Lxtu3_8U27n8H

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *