Bosath Vishwakarma Foundation

An Accidental Yet Miraculous Act of Merit: An Unplanned Offering to a Noble Monk on the Road

Uncategorized

“අහම්බයෙන් සිදු කරත් ආශ්චර්‍ය්මත් පින්කමක්”
ඊයේ දිනයේ අති පූජණීය රාජගිරියේ අරියඥාණ හිමියන්ට මහා සංඝරත්නය අරමුණු කරගෙන දන්පැන් පිරිකර පූජා කරගෙන අප්‍රමාණ පින් කුසල් රැස් කරගෙන පැමිණෙන අවස්ථාවේ රත්නපුර මාර්ගයේ බෑග් එකක් දරාගෙන ඉතා සංවරව මහ මග වඩිනා පින්වත් ස්වාමීන් වහන්සේ නමක් දුටුවේ ඉතා අහම්බයකිනි.
එසැනින් අප වාහනය නවතා පින්වත් උන්වහන්සේගෙන් අවසර සහිතව භික්ෂු ගමන් බලපත්‍ර සහ පිරිත් සජ්ජායනා අවස්ථාවන්හි භාවිතා කල හැකි ඩිජිටල් ගණින යන්ත්‍රයක් පූජා කරගෙන වන්දනා කරගන්නට විය.
අනතුරුව උන්වහන්සේගෙ මුවින් පිටවූ වචන මා හට දිව්‍ය ඖෂධයක්ම වන්නට උනේ අනේ මා අහම්බයකින් වාහනය නවතා සිදු කරගත් මහා පින නිවන පිණිසම හේතූවේවා කියන උත්තම සිතුවිල්ල සමගමයි.
පින්වත් උන් වහන්සේ සිරිපා අඩවියේ ආරණ්‍යක වැඩ වසන බවත්, නොකඩවා එතැන් සිට පා ගමනින් බුදු ගුණ සිහිකරමින් අනුරාධපුර රුවන්වැලි මහ සෑ රජාණන් අභියසට වඩිනා බවත් අප මහා සංඝරත්නය අරමුණු කරගනිමින් සිදු කලා වූ එම පූජාවන්ට,වන්දනාවන්ට අනුග්‍රහයක් පිණිස පැවසීය.
කිලෝමීටර් 300කට ආසන්න ප්‍රමාණයක් පාගමනින් බුදුගුණ මනසිකාරයකින් වඩිනා පින්වන්ත ඒ මහා ශ්‍රාවක සංඝරත්නය උදෙසා
අප කල පූජාව උත්තම පූජාවක්ම වන්නට ගත වූයේ නිමේෂක්මයි.

සාදූ සාදූ සාදූ !!!

මේ රැස් කරගත්තා වූ අතිශය දුර්ලභ පුණ්‍ය සම්භාරය
මාගේ ආදරණීය දෙමවුපියන්ටත්…

මා හට මහ පින්කම් කරන්නට කාලය ධනය ශ්‍රමය කැප කරන්නා වූ බෝසත් විශ්මකර්ම සමූහයේ, ගෞතම වන්දනා සමූහයේ සියලු සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර සැමටත්,

අප හට අවවාද අනුශාසනා සිදු කර අප ධර්ම මාර්ගයේ අතරමං නොකර නිවනින් සැනසෙන්නට මග හෙළි පෙහෙළි කරදෙන්නා වූ අති පූජණීය රාජගිරියේ අරියඥාණ හිමියන්, අති පූජණීය ගලිගමුවේ ඥාණදීප හිමියන්, අති පූජණීය කෝරළයාගම සරණතිස්ස හිමියන්, අති පූජණීය මාතර මහින්ද හිමියන් ඇතුලු ඒ පිරිසිදු බුද්ධ වචනය පින්වතුන්ලාට දේශනා කරන මහ යතිවරු සැමටත්,

දශකයකට ආසන්න කාලයක් පින්කම් කිරීමට තෝතැන්නක් සකසා දුන් රඹුක්කන අශෝක බෝධිරාජාධීෂ්වර පූජණීය ඇකිරියගල මංගල හිමියන්ටත්…

අනුරාධපුර මහ පුණ්‍ය භූමියේදි මදි නොකියන්න පින්කම් කිරීමට තෝතැන්නක් සකසා දුන් පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් තිරාණගම සමිතාභිනන්ද හිමියන් ඇතුලු අප හට අවවාද අනුශාසනා ආශිර්වාද සිදු කරන සියලූම උතුම් මහා සංඝරත්නයටත්,

අප කෙරෙහි අපහැදුනු සිත් ඇත්තෙක් වේනම් පින්වත් ඒ සැමටත්,
ඉතා මෙත් සිතින් යුතුව ගෞරවයෙන් අනුමෝදන් කරමි 🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!!
මෙපින් බලයෙන් ආනුභාවයෙන් සියලූම දෙනාට
නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සැලසේවා !

අසත්පුරුෂ, පාප මිත්‍ර, මිත්‍යාදෘෂ්ඨික ඇසුරක් ඇත්නම් දුරු වේවා 🙏

සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර ඇසුර බලාත්මක වේවා 🙏

මේ ජීවිතය තුලදීම උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය පහසුවෙන්ම අවබෝධය පිණිසම මෙම පින් හේතූ උපකාරයක්ම වේවා 🙏

තෙරුවන් සරණයි 🙏
කෝසල වීරතුංග
අපගෙ පින්කම් සමූහය හා එක් වීමට පහත වට්සැප් ගෲප් එක හා එකතු වෙන්න
https://chat.whatsapp.com/GMTw3HtaQAA2SsTHfgmycG

අපගේ බෝසත් විශ්මකර්ම සමූහය විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත…
https://bosathvishwakarmafoundation.com/

බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *