Bosath Vishwakarma Foundation

A Reverent Offering: Morning Alms for the Noble Sangha in Honor of Venerable Rajagiriye Ariyagnana Thero

Uncategorized

අති පූජණීය රාජගිරියේ අරියඥාණ හිමියන්ට මහා සංඝරත්නය අරමුණු කරගෙන උදෑසන පිණ්ඩපාත දානයන් ඉතා ගෞරවයෙන් යුතුව පූජා කරගන්නට යෙදුනා.. එමෙන්ම අනුරාධපුර පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් තිරාණගම සමිතාභිනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි දෙවන වරටත් නිර්මාණය කල පින්වත් මහා සංඝරත්නයට නිතර අවශ්‍ය වන දසධම්ම සූත්‍රය, අරුණලු උදාව, පොහොයවස් ආදිය ඇතුලත් බැනරය පින්වත් හිමියන්ට පූජා කිරීම සිදුවුණා.
රැස් කරගත්තා වූ අප්‍රමාණ පුණ්‍ය සම්භාරය, රැස්කරගත්තා වූ අප්‍රමාණ කුසල් සම්භාරය දැක බලා සතුටු වන සැමටත්, අප කෙරෙහි අපහැදුනු සිත් ඇත්තෝ වෙත්නම් පින්වත් ඔවුන්ටත් ඉතා මෙත් සිතින් යුතුව අනුමෝදන් කරමි 🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏
මෙපින් බලයෙන් ආනුභාවයෙන් නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා 🙏
මේ ජීවිතය තුලදීම උතුම් නිවනින් සැනසීම පිණිසම මෙම පින් හේතූ උපකාරයක්ම වේවා 🙏

තෙරුවන් සරණයි 🙏 
කෝසල වීරතුංග

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *