Bosath Vishwakarma Foundation

A Sacred Offering: Adorning the Sapumalgaskada Stupa in Honor of the Great Swarnamali Stupa on Poya Day

Uncategorized
෴සසර බලගතු කුසලයක්෴
ඓතිහාසික සපුමල්ගස්කඩ පුදබිමේ චෛත්යය රාජයාණන් වහන්සේ උදෙසා එලැබෙන පෝය දින පැළදවීමට නියම්ත කොත් වහනසේ උතුම් වූ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ අභියස තැන්පත් කොට මලින් සරසා පිරිත් සජ්ජායනා කොට ආශිර්වාද ගැනීම සිදු කෙරිණ.
මෙම උතුම් පින්කම මා හට සංවිධානය කිරීම භාර කල නකල්ස් ශ්රී සුමේද භාවනා අසපුවේ නිර්මාතෘවර පින්වත් එප්පාවල සාගර සුමන හිමියන්ට අනේක වාරයක් පුණ්යානුමෝදනා සිදු කරනවා.
එමෙන්ම ඒ සුපින්වත් අවස්ථාවට අතිශය ගෞරවණීය අන්දමින් ආශිර්වාද කරමින් ශක්තිය ලබා දුන් ස්වර්ණමාලී චෛත්යාරාමාධිපති නායක මාහිමිපාණන් වහනසේ අති පූජණීය ඊතලවැටුණු වැවේ ඥාණතිලක නායක මාහිමිපාණන් වහන්සේටත්,
එම අසිරිමත් අවස්ථාවට වැඩම කල
විචිත්ර ධර්ම කථික, පින්වන්ත අති පූජණීය කොත්මලේ කුමාරකාශ්යප හිමියන්ටත්,
ඓතිහාසික සපුමල්ගස්කඩ පුදබිමේ භාරකාර පූජණීය සංඝබෝධි හිමියන්ටත්,
පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් තිරගම සමිතාභිනන්ද හිමියනත්,
පින්වත් මාලිම්බඩ අත්ථදීප හිමියන්ටත්,
පින්වත් සංඝගෝතමි මෑණියන් වහන්සේටත්,
ඒ උතුම් පින්කම සදහා කාලය ධනය ශ්රමය වැය කරමින් මා හට ශක්තියක් වූ පින්වත් කළ්යාණමිත්ර සැමත් මේ උතුම් පින්කමෙන් මතු වුනා වූ සියලු පින් බලයෙන්
නිදුක් බව නීරෝගී බව සුවපත් භාවයම ලැබේවා 🙏
මේ අත්භවයේදීම උතුම් වූ චතුරාර්ය සත්ය ධර්මය පහසුවෙන්ම අවබෝධය පිණිසම මෙම පින් හේතූ වේවා 🙏
තෙරුවන් සරණයි !
කෝසල වීරතුංග
៚━━━ • ❂❂ • ━━࿐

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *