Bosath Vishwakarma Foundation

A Noble Gift: Honoring the Generous Donations of Blood Pressure Monitors and the Selfless Act of Kidney Donation by a Venerable Monk

Uncategorized

මහ පිකමක් !
දැක බලා සතුටු වෙත්වා !

දැන මාස පහකට පමණ පෙර අපගේ බෝසත් විශ්මකර්ම සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ දායකත්වයන් රුධිර පීඩන පරීක්ෂා කිරීමේ උපකරණ 25ක් උතුම් වූ මහා සංඝරත්නය උදෙසා පූජා කරගන්නට විය.
ඉන් එක් උපකරණයක් පූජා කරගත් පින්වත් මෙම ස්වාමීන් වහන්සේ මාස හතරකට පෙර තම වකුගඩුවක් පාරමී පූර්ණය පිණිස කුඩා දරුවෙකු උදෙසා පූජා කරගන්නට විය.

උන් වහන්සේට මේ මොහොතේ අවැසි සීනි පරීක්ෂා කිරීමේ උපකරණයක් අප විසින් උතුම් රුවන්වැලිසෑ පුණ්‍ය භූමියේදි පූජා කරගත්තා…

භාග්‍යවතුන් වහන්සේගේ උතුම් මහා සඝරුවනේ මහා කරුණාවද, උන්වහන්සේලාගේ පාරමී ශක්තියද… මහ සඝරුවනේ කාය ශක්තිය බලවත් කිරීම පිණිස අප විසින් කලා වූ උපකාරක පූජාවන්ද සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙත්වා 🙏

මේ සියලු පින්…පින්වත් ස්වාමීන් වහන්සේගේ නිදුක් නීරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පිණිසත්,
අනුරාධපුර පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් තිරාණගම සමිතාභිනන්ද හිමියන්ටත්,
බෝසත් විශ්මකර්ම සමූහයේ සියලු කළ්‍යාණමිත්‍ර පින්වතුන් සැමටත්,
දැක බලා සතුටු සිතින් යුතුව අනුමෝදන් වන සැමටත්
නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබීම පිණිසත්,
මේ ජීවිතය තුලදීම උතුම් නිවනින් සැනසීම පිණිසමත් හේතූ උපකාරයක්ම වේවා 🙏

තෙරුවන් සරණයි 🙏

කෝසල වීරතුංග

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *