Bosath Vishwakarma Foundation

Restoration of the Historic Sapumalgas Kanda Dagoba: A Rare Opportunity for Bosath Vishwakarma Group to Contribute to the Sacred Reawakening in the Northern Province

Uncategorized

៚━සපුමල්ගස්කඩ පුදබිමේ මහ පින්කම━࿐
ඓතිහාසික සපුමල්ගස්කඩ දාගැබ ප්‍රතිසංස්කරණය කර බුදු සසුසන නැවත පූජා කිරීමේ සහ උතුරුකරයේ ප්‍රථම වරට තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ දිවයිනේ සුප්‍රසිද්ධ දේශකයාණන් වහන්සේලා වඩම්මවා සිදු කල අසිරිමත් මහා පින්කම් මාලාව පෝෂණය කිරීමට බෝසත් විශ්මකර්ම සමූහයේ අපටත් ඉතා දුර්ලභ අවස්ථාවක් ලැබිණ.

පසුගිය වසරේ මෙම පළදවන්නට වූ පින්වන්ත කොත් වහන්සේ උතුම් වූ රුවන්වැලිසෑ පරිශ්‍රයට වඩම්මවා අප විසින් සිදුකරන ගෞතම වන්දනා පූජා මස්ථකයේ තැන්පත් කොට අති පූජණීය රුවන්වැලිසෑ චෛත්‍යරාමාධිපති නායක මා හිමිපාණන්, අති පූජණීය ගල්ගමුවේ ශන්තබෝධි හිමියන්, අති පූජණීය කොත්මලේ කුමාරකාශ්‍යප හිමියන්, පූජ්‍යපාද එප්පාවල සාගර සුමන හිමියන්, පූජ්‍යපාද තිරානගම සමිතාභිනන්ද හිමියන් ඇතුලු මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද පිරිත් සජ්ජායනා කරමින් පුෂ්පෝහාර පැවැත්වීමට අප භාග්‍යවන්ත උනා.

සපුමල්ගස්කඩ 2024-08-31 පින්කම් මාලාව වෙනුවෙන් බෝසත් විශ්මකර්ම සමූහයේ දායකත්වයන්

# දෙසීයකට ආසන්න පින්වත් උතුම් මහ සඝරුවන වෙනුවෙන් පිදු දානමය පින්කමට සහ අනෙකුත් අවශ්‍යතාවයන් සදහා වතුර බෝතල් 1500 සදහා රු.50 බැගින් රු 75,000/=

# දාන ශාලාව උදෙසා සිමෙන්ති කොට්ට 25 සදහා රු.50,000/=

# පැමිණි සැදැහැවතුන්ට පාවිච්චිය පිණිස තාවකාලික වැසිකිලි 12 ක් සදහා රු.72,000/=

# දාන ශාලාව උදෙසා මැටල් කියුබ් 3ක් සදහා රු48,000/=

# සැදැහැවතුන්ගේ පාණිය අවශ්‍යතාවයන් උදෙසා ලීටර් 2000ක වතුර ටැංකියක් සදහා රු.33,000/=

# ස්ථීර ආලෝක පද්ධති වෙනුවෙන් 1200w සෝලා ෆැලැෂ් ලයිට් 8ක් (ලබන මස ලබා දීම වෙනුවෙන්)
රු.240,000/=

# වැඩම කරවන පින්වත් ස්වාමීන් වහන්සේලා පස් නම උදෙසා ගමන් පහසුව පිණිස අනුග්‍රහය වෙනුවෙන් බෞද්ධයා නාලිකාව සදහා රු.251,000/=ක්
( 176,000/=ක් බෞද්ධයා නාලිකාවට ගෙවන ලද අතර රු.75,000/=ක මුදලක් සපුමල්ගස්කඩ කැප කරු ගිණුමට බැර.කරන ලදි )

# ගෞරවණීය දේශකයාණන් වහන්සේලා උදෙසා කැපසරු තායි කොට්න් වේවැල් පාත්‍රා ආධාරක සහිත අෂ්ඨපරිස්කාරක 05ක් සදහා රු.157,000/=

# කැප කරු ගිණුට තැන්පත් කළ මුදල= 353,000/=

පින්කම සදහා අපගේ බෝසත් විශ්මකර්ම සමූහයේ සම්පූර්ණ දායකත්වය රු.926,000/=

මේ මහා පින්කමට ශක්තියක් වෙමින් බෝසත් විශ්මකර්ම සමූහයේ අපි එදින සවස 6.00 සිට පසුදා උදෑසන 7.30 පමණ වන තෙක් උතුරුකරයේ ප්‍රථම වතාවට තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ පවත්වන්නට යෙදුන දේශනා මාලාව සදහා

වැඩමකොට වදාල පින්වත් දේශකයාණන් වහන්සේලා පස්නම උදෙසා

ඉතා ගෞරවයෙන් යුතුව පා දොවා, පා පිස දමමින්,

දේශකයාණන් වහන්සේලාට දැහැත්වට්ටිය පූජා කරමින් දේශනාවට ආරාධනා කරමින්…

උන්වහන්සේලාට දේශනාවෙන් පසු විකාලයට කැප වූ ප්‍රණීත පාන පූජාවන් සිදු කරගනිමින්..

ගෞරවණීය දේශකයාණන් වහන්සේලා උදෙසා කැපසරු තායි වර්ගයේ අෂ්ඨපරිස්කාරක පූජාවන් සිදු කරගනිමින්

සපුමල්ගස්කඩ දාගැබ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු මංගල උදෑසන සම්බුද්ධ පූජාව සිදු කරගනිමින්
අප්‍රමාණ පුණ්‍ය සම්භාරයක් රැස් කරගන්නට විය.

මේ මහා පින්කමෙන් මතු කරගත්තා වූ සියලු පුණ්‍යකර්මයන්
බෞද්ධයා නාලිකාවේ ගරු සභාපති, ශ්‍රී සම්බෝධි විහාරාධිපති, අති පූජණීය බොරලන්දේ වජිරඥාණ නායක හිමියන්ටත්…

පින්කම සදහා අප හට ආරාධනා කලා වූ සපුමල්ගස්කඩ සහ කුරුන්දි උභය විහාරාධීෂ්වර,
උතුරු පළාත් ප්‍රධාන සංඝනායක අති පූජණීය ගල්ගමුවේ ශන්තබෝධී නායක මාහිමිපාණන් වහන්සේටත්….

තුන්යමක් පුරාවට පැමිණි 5000කට අධික පින්වතුන්ලාට ඒ අසිරිමත් ධර්මය දේශනා කල
අති පූජණීය බලංගොඩ රාධ හිමියන්ට…
අති පූජණීය කොත්මලේ කුමාරකාශ්‍යප හිමියන්ට…
අති පූජණීය පොතානේගම සෝමරතන හිමියන්ට…
අති පූජණීය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමියන්ට,
අති පූජණීය කහගොල්ලේ සෝමවංශ හිමියන්ට…

කළ්‍යාණමිත්‍රත්වයට මඟ පෑදු
අනුරාධපුර පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් තිරානගම සමිතාභිනන්ද හිමියන් සහ නකල්ස් ශ්‍රී සුමේධ භාවනා අසපුවේ නිර්මාතෘවර පින්වත් එප්පාවල සාගර සුමන හිමියන්ටත්….

තම ගෞරවණීය දායකත්වයන් ලබා දෙමින් පින්කම පෝෂණය කලා වූ බෝසත් විශ්මකර්ම සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතුන් සැමටත්
පින්කම දින කාය ශ්‍රමයෙන් අතිශය ගෞරවණීය වශයෙන් තම වටිනා කාලය කැප කලා වු සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතුන් සැමටත්,

අලංකාර ධර්ම මණ්ඩපයක් සකස් කරමින් දේශනාමය පින්කම සෝබමාන කල ඉසුරු එරන්ද සොයුරා ඇතුලු සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලටත්

දැක බලා සතුටු වුනා වූ සියලූම පින්වතුන්ලාටත්,
මේ පින් එක සේ අනුමෝදන් කරමි 🙏
සාදූ සාදූ සාදූ !!!
මෙපින් බලයෙන් ආනුභාවයෙන්
සියලූම දෙනා
නිදුක් වේවා 🙏
නීරෝගී වේවා 🙏
සුවපත් භාවයම ලබත්වා 🙏

සියලු පාරමි පූර්ණය පිණිසම මෙම පින් හේතූ වේවා 🙏

දළදා වහන්සේ වැඩ සිටි, ලක්ෂ ගණනින් රහතුන් වහන්සේලා ස්පර්ශ කල මේ මහා පුණ්‍යවන්ත භූමියේ කලා වූ පින්කම දැක දෙවියෝද සතුටු සිතින් අනුමෝදන් වෙත්වා 🙏

දෙවියෝද දිව්‍ය යස ඉසුරු, දිව්‍ය ආයුෂ වර්ධනය කරගනිත්වා !

දෙවියන්ගේද ආනුභාවයෙන් සියලූම දෙනාට යහපතක්ම වෙත්වා !

සියලූම දෙනාට සුඛා පටිපදා ඛිප්පා භිඥ්ඥා ස්භාවයෙන් උතුම් නිවනින් සැනසීම පිණිසම මෙම පින් හේතූ උපකාරයක්ම වේවා 🙏

තෙරුවන් සරණයි 🙏
❂ ━ • කෝසල වීරතුංග • ━ ❂

අපගේ “බෝසත් විශ්මකර්ම සමූහය” විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත…
https://bosathvishwakarmafoundation.com/

අපගෙ පින්කම් සමූහය හා එක් වීමට පහත වට්සැප් ගෲප් එක හා එකතු වෙන්න
https://chat.whatsapp.com/GMTw3HtaQAA2SsTHfgmycG

බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *