නොකඩවා සෑම සතියකම බෝසත් පුතුන් සහ බෝසත් විශ්මකර්ම සමූහයේ දායකත්වයෙන් සිදු කල ගෞතම වන්දනා සති පින්කමේ 150 වන සතිය සනිටුහන් වීම සහා වසර තුනක් පූර්ණය වීම සිදු විය.
මේ මහා පින්කම් මාලාව මගින් මේ වන විට සම්බුද්ධ ශාසනයට, ඒ වගේම සරණක් අවැසි ගිහි පින්වතුන්ට අප්‍රමාණ වශයෙන් අප සේවාවන් සිදු කර ඇත.
මුදලින් රුපියල් ලක්ෂ හත්සීය ඉකමවූ (කෝටි හත ඉක්මවූ) මහේශාඛ්‍ය පින්කම් රැසක් මේ වන විට සිදු කර හමාරය.
භාග්‍යවතුන් වහන්සේ අරමුණු කරගෙන බුද්ධ මණ්දිර, ධාතූ මණ්ධිර නිර්මාණය සහ අලුත් වැඩියාව දක්වාමත්
ධර්මස්කන්ධය අරමුණු කරගෙන දහස් සංඛ්‍යාත පින්වතුන්ලාට ධර්ම දානය ලබා දෙමින් සිදු කල අසිරිමත් දේශනා මාලාවන්,
Kosala Weerathunga නමින් වූ යූ ටියුබ් නාලිකාව ඔස්සසේ මිලියන 5 ඉක්මවූ නැරඹුම් වාර සහිත ධර්ම දානමය පින්කම්
මහරහතුන් වැඩි මග ඔස්සේ, බෝසත් විශ්මකර්ම පදනම, ගෞතම වන්දනා, බෝසත් යාත්‍රා, බෝසත් පාරමී, ගම්පත්තුව, සොදුරු නවාතැන නමින් පවතින ෆේස්බුක් සමූහ නිර්මාණය කරමින්, පින්කම් කිරීමට බොහෝ පින්වතුන්ට තෝතැන්නක් නිර්මාණය කරමින් මිලියන ගණනකට ධර්ම දානය ලබා දෙමින්
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය අරමුණු කරගෙන
පින්වත් මහ සඝරුවනේ ඇල්පෙනිත්ති කට්ටෙ සිට කුටි සෙනසුන දක්වා අප්‍රමාණ වූ උපකාරක පූජාවන් සිදු කරගනිමින්
පිහිටක් අවැසි ගිහි ඇත්තන්ට ඔවුන්ගේ ආගම කුල මළ බේද නොසලකමින්
ඖෂධ, ඇස්කණ්නාඩි, ශ්‍රව්‍ය උපකරණ, අධ්‍යාපන ආධාර, අධ්‍යාපන ශිෂ්‍යත්ව, රෝදපුටු, Air Metrass, අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය ආදිය සදහා ආධාර කරමින්
මේ වසර තුනට අමතරව පසුගිය වසර 10ක කාලයක සිට අප්‍රමාණ පින් සහ කුසල් රැස් කරගන්නට විය.
මේ පින්කම් ජීවිතය සදහා මා යොමු කලේ ජීවිතයේ අත්දැකීම් සහ විදීම්මය…
මාගේ පියාණන්ගේ වැඩිමහල් සහෝදරියක් වන මහ පුණ්‍යවන්තිය කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමාධිපතිනි, පින්වන්ත කොත්මලේ සුධර්මා දසසිල් මෑණියන් එම ගමණට ආදර්ශයක්ම විය.
දශක 7කට වැඩි කාලයක් නොකඩවා සෙන්කඩගල දළදා මාලිගාවේ කඨින පින්කම සංවිධානය කිරීමට මල්වතු අස්ගිරිය දෙපාර්ශවයෙන් නිලබලයක් හිමි මහ පුණ්‍යවන්තිය… දශක 6කට වැඩි කාලයක් නොකඩවා භාග්‍යවතුන් වහන්සේගේ වාම ශ්‍රී පාද සලකුණ පිහිටි සමන්ගිරේ වසරේ පලමු වන්දනාව සහිතව වසරේ මංගල බුද්ධ පූජාව ශ්‍රී පාද සලකුණ මතට තැන්පත් කරන්නට අදටත් භාග්‍යවන්තියක් වේ.
එපමණක් නොවේ අනුරාධපුර ජය ශ්‍රී මහ හාමුදුරුවන්ගේ දක්ඛිණ ශාඛාව සදහා සෑම වසරකම එම පින්වත් මහ බෝධීන් වහන්සේ ස්පර්ශ කරමින් පූජාවක් පවත්වන්නට ආශ්චර්‍ය්මත් අවස්ථාවක් හිමිව ඇත්තේ නොකඩවා වසර හතළිස් පහක පමණ සිටියි
ඒ මහා පුණ්‍යවන්තිය නිසාවෙන්ම ශාසන භක්තිය බොහෝ බලවත් කරගන්නට හැකි විය.
රඹුක්කන අශෝක බෝධිරාජාරාම විහාරාධීෂ්වර පින්වත් ඇකිරියගල මංගල හිමියන් නිසාවෙන් අප්‍රමාණ පින් කන්දක් රැස් කරගත් අතර ඒ වසර හතක පමණ කාලය පෙර සසරේ කරගත්තා වූ පින් බලවත් කරගෙන කළ්‍යාණමිත්‍රයන් කිහිපදෙනෙක් සමග සිත් සේ, දන්නා පරිදි පින්කම් සිදු කරගන්නට හැකි වූයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පින්වත් ඇකිරියගල මංගල හිමියන්ගේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර ඇසුර නිසාවෙන්මයි.
උන් වහන්සේ සෑම විටකම ගැටීම් සිතින් දුරස්වූ, බොහෝ ඉවසීමේ ගුණයෙන් යුතු වූ මහා සංඝ යතිවරයෙකු ලෙසයි මා දකින්නෙ..
කොටුවෙ පොඩි හාමුදුරුවන්ගෙන් බන අසා පටන් ගත් ගමන
අති පූජණීය කැටවල හේමාලොක හිමියන්, පූජ්‍යපාද වල්පොල ගෝතම හිමියන්, ආදී පින්වත් හිමිවරුන්ගේ දේශනා ශ්‍රවණය කර පසු,
අති පූජණීය ගලිගමුවේ ඥාණදීප හිමියගේ දේශනා ශ්‍රවණය කිරීමත් සමග ඔබ හෙට මැරුනොත් කොහේ කොතනක උපදීද යන සංසාරික භායණක සංඥාව ලැබීමෙන් පසු ඉතා ඕනෑකමින් ධර්මය පරිශීලනයට මග පැදුනි.
උන්වහන්සේගේ දේශනා වසර 05ක් පමණ ශ්‍රවණය කරමින් උන්වහන්සේ වඩම්මවා දේශනා සංවිධානය කර පින්වතුන්ලාට එම ධර්මය ශ්‍රවණය කිරීමට සැලවීම සහ උන්වහන්සේට උපස්ථාන කරමින් දන් පැන් පූජා කරමින් මහා පින්කම් රැසක් කරගන්නට විටින්විට හැකි විය.
භාග්‍යවතුන් වහන්සේට ජීවමාන සංඥාවෙන් යුතුව පුද පූජා පවත්වන අයුරු, සම්මා දිඨ්ඨික දෙව් රජවරුන් පිලිබද අවබෝධය නිවන් මගට මේ පින්කම් යොදවා ගන්නා අයුරු
අති පූජණීය මාතර මහින්ද හිමි සහ
අති පූජණීය කෝරළයාගම සරණතිස්ස හිමියන්ගේ දේශනා නිරන්තරයෙන් ශ්‍රවණය කිරීම තුල ජීවිතයට ගැලපුනි.
ඒ අතර තුර තුල කාලයේ අති පූජණීය කෝරළයාගම සරණතිස්ස හිමිගේ දේශනා සංවිධානය කිරීමට, උපකාරක ධර්මයන් සකස්කිරීමට අවස්ථා කිහිපයක්ම මා හට ලැබීම භාග්‍යයකි.
භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්මත් බුදු ගුණ අති පූජණීය බලංගොඩ රාධ හිමියන්ගේ දේශනා තුල ශ්‍රවණය කරමින් අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති කරගන්නට හැකි විය.
පින්කම් සිදු කරගෙන යන ගමනේදී එම පින්කම් වල ලස්සන අසිරිමත්බව නිසාවෙන්ම එහි ආශ්වාදයට බොහෝ සේ ඇලි සිටි අවස්ථාවේ අති පූජණීය රාජගිරියේ අරියඥාණ හිමියන්ගේ ධර්මය ශ්‍රවණය කිරීමත් උන්වහන්සේගෙන් අවවාද අනුශාසනා කමටහන් ලැබීමත් සමග ජීවිතයේ තිබූ බොහෝ අවිද්යාවන්ගෙන් මිදීමටත්, කර්මය කර්මඵලය ඉතා පහසුවෙන් ගලපාගැනීමටත්, අනිත්‍යතාවයන් සතර සතිපට්ඨාන ධර්මයෙන් ගලපා ගැනීමත්, මේ සියල්ල පටිච්චසමුප්පන්නව සිදු වන්නක් බවත්, මේ ඝොරතර භියකරු විශකුරු සසරින් මිදීමට අප්‍රමාදි වීමේ වැදගත්කම ඉතා සුපැහැදිලිව වටහා ගත්තේය.
කොරෝනා සමයේ අවසාන භාගයේදි අතිශය දුර්වල වූ ආර්ථික තත්වයක් පවතින අවස්ථාවක රඹුක්කන අපගේ කළ්‍යාණමිත්‍ර ලක්මාල් අබේරත්න සහෘදයාගේ ආරාධනාවෙන් ඔහුගේ මෝටර් රථයේ සෑම සතියකම රුවන්වැලිසෑය බලා යෑමට අවස්ථාවක් ලැබුණත් එය සති තුනකට සීමා වුනේ ඔහුට එම මෝටර් රථය අලෙවි කිරීමට වූ බැවිනි. නමුත් ඊට පසු සතියෙම මා විසින් පවත්වාගෙන යන යූ ටියුබ් නාලිකාව හරහා අනුරාධපුර පින්කම පිලිබද කෙටි දැනුවත් කිරීමක් කල අතර ඒ සදහා කිහිපදෙනෙකුගෙ සහය ලැබුනි. එතැන් පටන් මේ දක්වා මහේශාඛ්‍ය පින්කම් රාශියක් අතිශය ගෞරවණීය ලෙස සිදු කරගන්නට විය.
ගෞතම වන්දනා පින්කම් මාලාව රුවන්වැලි මහ සෑ පුද බිමේ සති 100ක්, ථූපාරාම පුදබිමේ සති 12ක් මිරිසවැටිය පුදබිමේ සති 12ක්, අභයගිරිය පුදබිමේ සති 12ක්, ජේතවනාරාම පුදබිමේ සති 10ක්, ජය ශ්‍රී මහ බෝධිය මූලික කරගෙන සති 04ක් සෑම සතියකම නොකඩවා පවත්වන්නට විය.
මීට අමතරව සේල චෛත්‍යය, සෝමාවතී මහ සෑය, සේරුවාවිල යන මහ පුදබිම්වල එක් සතිය බැගින් පින්කම් සිදු කරන්නට විය.
මෙම උතුම් පින්කම් මාලාවන් සදහා අතිශය ගෞරවණීය වශයෙන් තම කාලය ධනය ශ්‍රමය වැය කලා වූ සියලු කළ්‍යාණමිත්‍ර සත්පුරුෂ පින්වතුන්ලා ඇතුලු දැක බලා අනුමෝදන් වූ සැමටත්,
මා හට අපහැදුනු කෙනෙක් වේ නම් ඔවුන් සියලූම දෙනාටත්,
මා හැදු වැඩූ ආදරණීය අම්මා තාත්තාටත් මේ පින් එක දශමයකුදු අඩු නැතුව මෙත් සිතින් අනුමෝදන් කරනවා !
අනුමෝදන් වෙත්වා !
• නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගී සුවපත් භාවය හා චිරජීවනය සැලසේවා !
• දෑත් දිඟු කොට ජාති ජාතිත් නොකා නොබී දන් දෙන්න ලැබේවා!
• ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ සිරිපා අබියස හිස ගෙවෙන තුරු පිහිටුවා වන්දනා කරන්න ලැබේවා!
• නිවන් දක්නා ජාති දක්වා බුදු පසේ බුදු මහරහත් උතුමන් යොදුන් ගණන් ඈත සිටියත් ඔබගේ නෙතු අඟට වැඩම කරත්වා!
ඒ මහා උතුමන්ගේ මිහිරි ආමන්ත්‍රණය හෘදයාංගම වේවා!
• නිවන් දක්නා ජාති දක්වා බුදු පසේ බුදු මහරහත් උතුමන් ඔබ කෙරෙහි නොසෙල්වෙන විශ්වාසයක් පිහිටාවා!
• බුදු පසේ බුදු මහරහත් උතුමන් ඔබේ නිවසට වැඩම කොට ඔබේ ආරාධනාවක් පැවරීමක් නොමැතිව සිව්පසය ඉවසා වදාරන සේක්වා!
• ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් ආර්ය්යන් වහන්සේලා කෙරෙහි අසීමිත ආදරයක්, භක්තියක්, ලෙන්ගතුකමක් පිහිටාවා!
• ජාති ජාතිත් සත්පුරුෂයාගේ ආඥාවට පිටු නොපා, සත්පුරුෂයාගේ ආඥාවට මෙල්ල වී, සසර දුකින් අතමිදෙන තුරු යාගන්න ලැබේවා!
• ඔබ යම් දිශාවකට යා නම් ඒ දිශාවේ කළ්‍යාණ මිත්‍රයන් ඔබ වටා එකතු වේවා!
• කායික හා මානසික දුක් පීඩා දුරු වේවා!
• ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩිදියුණු වූත් මහේශාක්‍ය වූත් පින්වන්ත වූත් සම්මාදිට්ඨික වූත් ජීවිත නිවන් දක්නා ජාති දක්වා සසර ගමන පුරාවටම ලැබේවා !
• මේ අත්භවයේදීම ඉතාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධිචිත්තයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !
• මේ ඝෝර කටුක භයානක දුක්ඛිත සසරින් වහ වහා අත් මිදේවා !
තෙරුවන් සරණයි ! 🙏
—–කෝසල වීරතුංග—–
බෝසත් විශ්මකර්ම පදනම
බෝසත් යාත්රා෴ ෴ බෝසත් පාරමී෴ ៚බෝසත් විශ්මකර්ම• ❂❂ •Bosath Vishmakarma━࿐ ៚━ • සොඳුරු නවාතැන • ━࿐ ៚━• ❂ ගම් පත්තුව ❂ •━࿐ මහ රහතුන් වැඩි මග ඔස්සේ – Maha Rahathun Wedi Maga Osse ៚━ • ගෞතම වන්දනා • ━࿐
(Video Credit : Thisal Indisa👍)

