Bosath Vishwakarma Foundation

Journey of Compassion – Second Day: Noble Sangha Walks from Medawachchiya to Kebitigollewa

Uncategorized

៚━ •❂ මෛත්‍රියේ පා ගමන ❂• ࿐
මිහින්තලාවේ සිට කුරුන්දිය දක්වා වැඩමකරන මෛත්‍රියේ පාගමනේ දෙවෙනි දින වූ අද දවසේ මැදවච්චිය සිට කැබිතිගොල්ලෑව දක්වා පින්වත් මහා සංඝරත්නය වැඩම කිරීමට නියමිතයි.

අපගේ බෝසත් විශ්මකර්ම සමූහය අද දින දහවල් සංඝගත දක්ෂිනාව ඉතා කැපසරු ලෙස, ප්‍රණීත ලෙස, ආරක්ෂිතව සකස් කර පූජා කරගන්නට යෙදින.

උත්තම පාරමීදම් පුරන මහ යතිවරයාණන් වහන්සේලා ප්‍රමුඛ කරගත් පින්වත් මහ සඝරුවන උදෙසා ප්‍රණීත දානමය පූජාවන්
කැවිලි සහ පළතුරු පූජාවන්
තැඹිලි පැන් සහ සිසිල් පැන් පුජාවන්
කොමඩු ජූස් පූජාවන්
කුඩ පූජාවන් සිදු කරගනිමින්,
අප්‍රමාණ වශයෙන් භික්ෂු උපස්ථාන සිදු කරගනිමින් මහ පුණ්‍ය කෙතක් අස්වද්දන්නට අද අප හට හැකි විය.

මේ රැස් කරගන්නට යෙදුනා වූ සියලු පින් කුරුන්දි රජමහා විහාරාධීෂ්වර පින්වත් සන්තබෝධි නායක මාහිමිපාණන් වහන්සේ ඇතුලු වැඩම කරන්නට යෙදුන මහා සංඝරත්නයටත්,
කාලය ධනය ශ්‍රමය කැපකලා වූ බෝසත් විශ්මකර්ම සමූහයේ පින්වත් කළ්‍යාණමිත්‍ර සැමටත්,
එම මහා පින්කමේ උපකාරක ධර්මයන් සකස් කරමින් කාලය ධනය ශ්‍රමය කැප කරන ගිහි පින්වතුන්ලාටත්,
දැක බලා අනුමෝදන් වූ සියලූම දෙනටත් නිදුක් නීරෝගී සුවපත් භාවයම පිණිසත්

මේ ජීවිතය තුලදීම සුඛා පටිපදා ඛිප්පා භිඥ්ඥා ස්භාවයෙන් උතුම් නිවනින් සැනසීම පිණිසමත් හේතූ උපකාරයක්ම වේවා 🙏

“කොණ්ඩඤ්ඤ”මහෝතත්තමයන් වහන්සේ, සාරිපුත්ත මහා මොග්ගාලාන මහා උත්තමයාණන් වහන්සේලා, ආනන්ද, නන්ද, රාහුල ආදි මහ රහත් උත්තමයාණන් වහන්සේලාගෙන් පැවතෙන්නා වූ සුපටිපන්න උජුපටිපන්න ඤායපටිපන්න සාමිචිපටිපන්න ආදී උත්තරීතර ගුණ තේජසින් ශාසනය සෝබමාන කරන තුන්කල්වාසි ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාර වේවා..!!!

තෙරුවන් සරණයි !!!
කෝසල වීරතුංග

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *