Bosath Vishwakarma Foundation

Support the Tripitaka Puja – Make a Donation

Uncategorized

ත්‍රිපිටක පොත් වහන්සේලා පූජාව
බෝසත් විශ්මකර්ම සේනාසනය සදහා රු.98,790/=ක් වටිනා අංග සම්පූර්ණ ත්‍රිපිටක පොත් වහන්සේලා කට්ටලයක් බෝසත් විශ්මකර්ම සමූහයේ පින්වන්ත කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ එකතුවෙන් පූජා කරගන්නට විය.
එම ත්‍රිපිටක පොත් වහන්සේලා තැන්පත් කිරීම පිණිස අමල් උදයංග මහත්මා විසින් රු.72,000/=ක් වටිනා අලංකාර පොත් රාක්කයක් පූජා කරගන්නට විය.
ඊට අමතරව ඔහු විසින් රු.25,600/=ක් වටිනා බුද්ධ පූජා කට්ටලයක් පූජා කරගන්නට විය

“බුදුන්වහන්සේ නමකට එක් වතාවක් පමණක් පිදීමට ලැබෙන කොසොල් රජු දුන් අසදිස මහා දානයෙහි අනුහස් මහාමෙරු පර්වතය අසළ වූ ගල් කැටයක් හා සමාන වේද…. ධර්ම දානයේ අනුහස මහාමෙරු පර්වතය වැනිය”

“සබ්බදානං ධම්මදානං ජිනාති
සබ්බරසං ධම්මරසො ජිනාති
සබ්බරතිං ධම්මරති ජිනාති
තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති”

ධර්ම දානය තෙම සියලු දානය දිනන්නේය
ධර්ම රසය තෙම සියලු රසය දිනන්නේය
ධර්මයෙහි ඇල්ම සියලු ඇල්ම දිනන්නේය
තණ්හාව නැති කිරීම සියලු දුක් දිනන්නේය
සාධූ!සාධූ!සාධූ!(ධම්මපදය-තණ්හා වර්ගය)

මෙම මහා පින්කම සිදු කිරීමට දායකත්වයන් සැපයූ බෝසත් විශ්මකර්ම සමූහයේ පින්වතුන්

# දෙව්නුවර – අමල් උදයංග මයා – රු.11,410/=
# හෝමාගම – තෙදස් සෙත්විදු පුතු, දිනූෂ තරංග ද සිල්වා මයා, චතුරිකා ඩයස් මිය – රු.21,880/=
# කොළඹ 08- ශ්‍යාමලි චන්ද්‍රරත්න මිය – රු.15,000/=
# මාතර – චතුරංග රණසිංහ මයා – රු.10,000/=
# අනුරාධපුර – ශිවන්ති ජයරත්න මිය – රු.5,000/=
# ඉතාලිය – කාන්ති අම්මා මිය – රු.5,000/=
# කුවේට් – බංඩාර මැණිකා මිය – රු.5,000/=
# කඩවත – රේණුකා දමයන්ති මිය – රු.5,000/=
# ඉතාලිය – මේරියන් නිරංජලා ප්‍රනාන්දු මිය – රු.4,000/=
# වත්තේගම – ජාලිය චමින්ද මයා – රු.2,000/=
# අනුරාධපුර – අමාලි අනුරාධා මිය – රු.2,000/=
# පේරාදෙනිය – ධනේෂ් කරුණානායක මයා – රු.2,000/=
# අම්බලන්ගොඩ – ප්‍රියංගිකා සජීවනි මිය – රු.2,000/=
# අම්බලන්තොට – WLG රුක්ෂාන් මයා – රු.1,500/=
# අගලවත්ත – පූර්ණිමා කාරියකරණ මිය – රු.1,000/=
# ගාල්ල – ටි සෙනෙවිරත්න මයා – රු.1,000/=
# මාවතගම – නදීකා මුතුනායක මිය – රු.1,000/=
# අනුරාධපුර – LP ප්‍රසංගිකා මිය – රු.1,000/=බත්තරමුල්ල – පුබුදු රුහුණගේ මයා – රු 1,000/=
# කළගෙඩිහේන – රුෂදු සුලක්ෂ පුතු – රු.1,000/=
# අනුරාධපුර – අනුලා කුමාරි මිය – රු.500/=
# ගොතටුව – ගයාන් මලින්ද මයා – රු.500/=

එකතුව = රු.98,790/=

පොත් රාක්කය සදහා රු.72,000/=ක් සහ බුද්ධ පූජා භාණ්ඩ කට්ටලය සදහා රු.25,600/=ක් දෙව්නුවර – අමල් උදයංග මහත්මා විසින් දරණ ලදි.

මෙම මහානීය කුසල් බෝසත් විශ්මකර්ම සේනාසනයේ භාරකාර පින්වත් සුභාහු ස්වාමින් වහන්සේටද,
මෙම පින්කමට මූලිකත්වය ගෙන කටයුතු කල පින්වත් අමල් උදයංග මහත්මාටද….
ඉතා ගෞරවයෙන් යුතුව දායකත්වයන් සැපයූ බෝසත් විශ්මකර්ම සමූහයේ පින්වත් සියලූම කළ්‍යාණමිත්‍ර පින්වතුන්ටද
දැක බලා අනුමෝදන් වන්නාවු සියලු පින්වත් පිරිසටද…

අසන්නා වූ ධර්මයක් වේද…
සුවසේම අවබෝධ කිරීම පිණිස හේතූ වේවා!

වඩන්නාවූ භාවනාවක් වේද සුවසේම සිත සමාධිමත් වීම පිණිසම හේතූ වේවා!

කලණ මිතුරු ඇසුර සහිතව මෙවන් දුර්ලභ වූ කුසල් තව තවත් පහසුවෙන් සිදු කිරීම උදෙසාම හේතූ වේවා!

සුඛා පටිපදා ඛිප්පා භිඥ්ඥා ස්භාවයෙන් වහ වහා උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතූ වේවා!
සාදු සාදු සාදූ 🙏

තෙරුවන් සරණයි 🙏

කෝසල වීරතුංග

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *