Bosath Vishwakarma Foundation

බෝසත් විශ්මකර්ම සෙනසුන සඝ සතු කොට පුජා කිරීම – Bosat Vishmakarma Saturday possessed and worshiped the Sagha

Uncategorized

៚━━━ • ❂❂ • ━━࿐
ප්‍රංශයේ ජීවත්වන පින්වත් රෂෙල් පෙරවුද් මහත්මිය සතු කිරිදිවෙල පිහිටි රුපියල් කොටි තුන හමාරක් පමණ වටිනා ඉඩම සහ නිවස පාරමී පූර්ණය පිණිස බුද්ධ සාශනයට පූජා කිරීමේ කටයුත්ත මා හට පවරන ලදි.

“බෝසත් විශ්මකර්ම පදනමේ” අපගේ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ලාගේ දායකත්වයෙන් මෙම නිවස සහ ඉඩම උතුම් මහා සංඝරත්නයට කැපවන අයුරින් ප්‍රතිනිර්මාණය කරමින් විශ්මිත බුදු කුටියක් සහිත අනෙකුත් උපකාරක ධර්මයන් සකස් කරමින් 2024.04.09 වන දින උතුම් වූ මහා සංඝරත්නය අරමුණු කරගෙන මෙම කුටි සෙනසුන සඝසතු කොට පූජා කරන ලදි.

අනුරාධපුර පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර, ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ, නා උයන ආරණ්‍යසේනාසනයේ වැඩ විසූ, පූජ්‍යපාද තිරනාගම සමිතාභිනන්ද හිමියන්ගේ ආශිර්වාදයෙන්, අවවාද අනුශාසනා සහිතව උන් වහන්සේ සහ පින්වත් සුධම්මානන්ද හිමිපාණන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නයේ වැඩමවීමෙන්…..
ගල්දූව යෝගාශ්‍රම සංස්ථාවේ, වැඩවසන පූජ්‍යපාද මැණික්දීවල සුභාහු හිමියන් උදෙසා මහා සංඝරත්නය අරමුණු කරගෙන
“බෝසත් විශ්මකර්ම සෙනසුන” සඝසතු කොට පූජා කරගන්නට විය

මාස දෙකකට පමණ පෙර ප්‍රංශයේ ජීවත්වන පින්වත් රශෙල් පෙරවුද් මහත්මිය මා හට කතා කොට “පුතේ මගේ නිවස ඔයාට පවරනවා යැයි පැවසූ මොහොතේ මා සසර කොයිතරම් පින් කර ඇත්දැයි නිරාමිස සතුටක් මා සතු විය.
ඇයගේ ඒ විශ්වාසය ඒ අයුරින්ම රකිමින් උතුම් මහා සංඝරත්නයට සුවසේ පිලිවෙත් පිරීම උදෙසා මෙම නිවස සහ ඉඩම ඉතා ගෞරවයෙන් යුතුව ප්‍රති නිර්මාණය කරන්නට උනේ මාහට නිරන්තරයෙන් මේ මහේශාඛ්‍ය පින්කම් සිදු කිරීමට කළ්‍යාණමිත්‍රත්වයෙන් යුතුව ශක්තියක් වන බෝසත් විශ්මකර්ම සමූහයේ පින්වතුන්ගේ කාලය ධනය ශ්‍රමය කැප කිරීමත් සමගමය.

# කුටි සෙනසුන සහ ආශ්‍රමය පිරිසුදු කරමින් එහි උතුම් මහ සඝරුවනට සුව සේ වැඩ සිටීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්නට විය

# රු. මිලියන 2ට වඩා වැඩි මුදලක් වැය කරමින් ජීවමාන සංඥාව උපදවා ගත හැකි නේත්‍රා නිල් මැණික් තැන්පත් කරන ලද සුදු රත්‍රන් වලින් හැඩගැන්වූ ඌර්ණ රෝම ධාතූන් වහන්සේ නමක් සහිත බුදු පිළිම වහන්සේ සහිත විශ්මිත බුදු මැදුරක් නිර්මාණය කරන ලදි.

# උතුම් මහා සංඝරත්නය උදෙසා පිරිසිදු පැන් වැළඳීම පිණිස ජල පෙරණ පද්ධතියක් ( Water Filter )ස්ථාපිත කරන ලදි

# අලංකාර පිණ්ඩපාතයේ වඩින ස්වාමීන් වහන්සේ නමකගේ පිළිරුවක් ස්ථාපිත කරන ලදි

# ආලෝක පද්ධති අලුතින් සුදුසු පරිදි අලුතින් සවි කරන්නට විය

# සඝසතු කිරීමට අදාල ඔප්පු ගාස්තු ගෙවමින් එය නීත්‍යානුකූලව මහා සංඝරත්නයට පූජා කරන්නට විය

# උතුම් මහා සංඝරත්නය වඩම්මවා සවස් යාමයට කැප වන්නා වූ පාන පූජාව සුදු ලූණු ආදි ඖෂධ පූජාවන් පූජා කරමින් උන්වහන්සේලා සැමට සීනි මට්ටම් පරික්ෂා කිරීමේ උපකරණ පූජා කරමින් උන් වහන්සේලා සමග පිරිත් සජ්ජායනා කරමින් අග්‍ර ගන්‍යයේ පුණ්‍ය සම්භාරයක් රැස් කරගන්නා ලදි…

මෙම මහ පින්කම තුල…
* කුටි සෙනසුන් පූජා කිරීම
* උද්‍යාණ කෙත්වතු පූජා කිරීම
* බුදු පිළිම ඉදිකොට පූජා කිරීම
* වැසිකිලි කැසිකිලි පූජාව
* භාග්‍යවතුන් වහන්සේට ජීවමාණ සංඥාවෙන් මල් පහන් සුවද ධූප, අෂ්ඨපාන, ඖෂධ පූජා කිරීම

උතුම් මහා සංඝරත්නය හේවිසි ශබ්ධ පූජා මැද පාවඩ මතින් පා දොවමින්, පා පිස දමමින් ඉතා ගෞරවයෙන් යුතුව කුටි සෙනසුන වෙත වඩම්මවා උන් වහන්සේලාට සවස්‍ යාමයට කැප වූ පාන පූජාවන්, පැන් පූජාවන්, තල තෙලින් බැද ගත් සුදුලූණු ප්‍රණීතව පිලිගන්වමින් පින්වත් සුධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පැමිණිසිටි සැම ආජීව අෂ්ඨමක ශීලයේ පිහිටවා පිරිත් සජ්ජායනා කොට මහ සඝරුවන කාය සාක්ෂියේ තබමින් කුටි සෙනසුන සඝ සතු කරන්නට විය.

කෙනෙකුට ගත හැකි ඉතා දුර්ලභ තීරණයක් බලගන්වමින් පින්වත් රශෙල් පෙරවුද් මහත්මිය රුපියල් කෝටි 3.5ක් පමණ වටිනා මෙම නිවස සහ ඉඩම අපහට භාරකරමින් මෙම ඉතා ගෞරවණීය කුටි සෙනසුන අපගේ බෝසත් විශ්මකර්ම සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ ශක්තියෙන් බෝසත් විශ්මකර්ම සෙනසුන නමින් මෙසේ සඝසතු වූ වගයි…..
៚━━━ • ❂❂ • ━━࿐

මෙම පින්කම මගින් රැස් වූ සියලු අනිත්‍ය වූ පුණ්‍යකර්මයන් සහ කුසලකර්මයන්, මෙම නිවස සහ ඉඩම මේ අයුරින් අතහරිමින් ඉතා දුර්ලභ සහ මහත්ඵල තීරණයක් ගත් ප්‍රංශයේ රශෙල් පෙරවුද් පින්වත් මහත්මියටත්,

මෙම පින්කම සදහා අර්ථයෙන් ධර්මයෙන් මා හට ශක්තියක් වෙමින් සුදුසු අයුරින් මෙම කුටිය සඝ සතු කිරීමට යොමු කල නා උයන ආරණ්‍යසේනාසනයේ වැඩ සිටි, අනුරාධපුර පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පූජ්‍යපාද තිරනාගම සමිතාභිනන්ද පින්වත් ස්වාමීන් වහන්සේටත්,

ධර්මාණූකූලව මෙම කුටිසෙනසුන් පූජාවේ වැදගත් කම සහ අනිසංශයන් මනාව පැහැදිලි කල පින්වත් සුධම්මානන්ද හිමිපාණන් වහන්සේටත්,

මහාසංඝරත්නය අරමුණු කරගෙන කුටි සෙනසුන් පූජාව භාරගත් නා උයන ආරණ්‍යසේනාසනයට සම්බන්ධ ගල්දූව ආරණ්‍යසේනාසනයේ වැඩ සිටි පූජ්‍යපාද මැණික්දීවල සුභාහු ස්වාමීන් වහන්සේටත්,

ඉතා ගෞරවණීය ශ්‍රම දායකත්වයන් ලබා දෙමින් මෙම පින්කම අවසානය දක්වාම මා හට ශක්තිය ලබා දුන් අපගේ සහෘද පිරිසේ අසේල බංඩාර, ප්‍රදීප් මුදලිගේ, රංගන නිමලරත්න, SSD ගුණවර්ධන, අනුර නන්දලාල් යන සියලූම කළ්‍යාණමිත්‍ර පින්වත් සැමටත්,

කුටි සෙනසුන අංග සම්පූර්ණ සෙනසුනක් බවට පත්කිරීමට අවශ්‍ය රුපියල් මිලියන 2.7 පමණ ඉතා කළ්‍යාණමිත්‍රත්වයෙන් ලබා දුන්
අමල් උදයංග මහත්මා, වෛද්‍ය ළගත් වනිගාබදු මහත්මා, සෙනාලි අමරසූරිය මහත්මිය, චතුරංග අමරසූරිය මහත්මා, ඩයේෂලා ජයකොඩි මහත්මිය, චතුරංග සේනාධීර මහත්මා ඇතුලු අපගේ බෝසත් විශ්මකර්ම සමූහයේ දායක වූ සියලු පින්වතුන්ලාටත්,
ගම්වාසි රට වාසි දැක බලා සතුටු වූ සැමටත්,
මේ පින් එක සේ ඉතා ගෞරවයෙන් යුතුව අනුමෝදන් කරමි 🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!!

මෙපින් බලයෙන් මෙම සියලූම පින්වතුන් නිදුක් නීරෝගී සුවපත් භාවයටම පත් වේවා 🙏
සුඛා පටිපදා ඛිප්පා භිඥ්ඥා ස්භාවයෙන් උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතූ උපකාරයක්ම වේවා 🙏

“චිරං තිට්ඨතු ලෝකස්මිං – සම්මා සම්බුද්ධ සාසනං”

තෙරුවන් සරණයි !!!
කෝසල වීරතුංග

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *