៚━━━ • ❂❂ • ━━࿐
රඹුක්කන අශෝක බෝධිරාජාරාම විහාරාධීෂ්වර පූජ්‍යපාද ඇකිරියගල මංගල හිමියන්ගේ ජන්ම දිනය නිමිති කරගෙන සිදු කල මෙම මහ පින්කම සදහා බෝසත් විශ්මකර්ම පදනමේ ගෞරවණීය සාමාජිකයන් සහ රඹුක්කන අශෝක බෝධිරාජාරාම විහාරස්ථ පින්වත් දායක පින්වතුන්ලා ශක්තියක් විය.
පින්වතුන්ලාගේ පවස නිවා ගැනීම පිණිස සිසිල් පැන් සහ සිසිල් බීම, බනිස්, නෙස්ටමෝල්ට්, බෙලිමල් පැන් ආදි වූ දන්සල් 07කින් සමන්විතව පැවති මෙම මහා දේශනා පින්කම දහස් සංඛ්‍යාත පින්වතුන්ලාගේ සහභාගීත්වයෙන් සිදු විය.
භාග්‍යවතුන් වහන්සේ උදෙසා මල්, පහන්, සුවද දූප, සිසිල් පැන්, ප්‍රණීත අෂ්ඨපාන, ප්‍රණීත චතුමධුර පූජාවන් සිදු කරගනිමින්,
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය මුතුකුඩ පාවඩ මතින් වඩම්මවා, පා දොවමින්, පා පිසිමින්, හේවිසි ශබ්ධ පූජාවන්, සුවද ධූප පූජාවන් සහිතව උන්වහන්සේලාව අලංකාර ධර්ම මණ්ඩපය වෙත වඩම්මවමින් දේශනා පවත්වන්නටත්, උන්වහන්සේලාට සවස් යාමට කැප වූ පාන පූජාවන් සහ පරිශ්කාරක පුජාවන් පූජාකරමින් මහා පුණ්‍ය සම්භාරයක් රැස්කර ගන්නා ලදි.
පින්කම පිලිබදව බෝසත් විශ්මකර්ම සමූහය දැනුවත් කරන්නත් පෙරම අප සමූහයේ පින්වත් “මානෙල් හැමෙල්” මහත්මිය සමග සාකච්ඡා කල මොහොතේ ඇය මෙම පින්කමේ ප්‍රධාන දායකත්වයන් රැසක් භාරගන්නා ලදි.
ධර්ම වේදිකාව, ප්‍රධාන කැනපිය, සැරසිලි, ශබ්ධ විකාෂන, බැනර්, හේවිසි, ආලෝකකර්ණය ඒ අතර ප්‍රධාන වේ.
ඊට සමගාමීව මාගේ සෑම පින්කම් කටයුත්තකදීම මා හට ශක්තියක් වන පින්වත් “කුසල් මොල්ලිගොඩ” මහත්මා මෙත් සදහම් විකාශණය සදහා අනුග්‍රහය ලබා දෙන ලද අතර
“අමල් උදයංග” මහත්මා පෝස්ටර් සහ අනෙකුත් ප්‍රධාන වියදම් සදහා අනුග්‍රහය ලබා දෙන්නට විය.
❂ • ඩිජිටල් ස්ක්‍රීන් සහ ඡායාරූපකරණයෙන් දීඝායු සිරි මහත්මා ශක්තියක් විය.
සෑම පින්කමකදීම සැමකල්හිම ශක්තියක් වෙමින් එම පින්කම් මහේශාඛ්‍ය පින්කම් ලෙස සිදු කරගන්නට නිරන්තරයෙන් සහාය ලබා දෙන “බෝසත් විශ්මකර්ම සමූහයේ” පින්වතුන් සුපුරුදු දායකත්වයන් මේ සදහා ලබා දෙන්නට විය.
විදුලි ජනන යන්ත්‍රය ලබාදෙමින් සහ අනෙකුත් උපකාරක ශක්තීන් ලබා දෙමින් කුඩා කල සිට මාගේ හිතවත් තිලක සමූහ ව්‍යාපාරයේ අධිපති අමල් ඉසංක තිලකරත්න මහතා විසින් සුපුරුදු ශක්තිය මා හට ලබා දෙමින් මාහට සවියක් විය.
දන්සල් සදහා කෙටි දැනුම් දීමකින් ශක්තියක් වූ
❂ •තිලක සමූහ ව්‍යාපාරයේ අධිපති LL අමල් ඉසංක තිලකරත්න මහතා විසින් වතුර බෝතල් 4000ක්
❂ • පි.එම් කේ ස්ටෝර්ස් සහ ලීලා ලිබඩු ආයතනයන්හි අධිපතිවරුන් ඇතුලු කළ්‍යාණමිත්‍ර පින්වතුන් බනිස් 4000ක් සහ බීම දන්සලක්
❂ •කොටගම පුරාණ විහාරාධිපති සහ දායක සභාව විසින් බෙලිමල් දන්සලක්
❂ •බන්දුල අයන්වර්ක්ස් අධිපති බන්දුල ප්‍රේමකුමාර මහතා විසින් සිසිල් බීම දන්සලක්
❂ •ගයාන් තිලකරත්න මහතා සහ කසුන් චන්ද්‍රකුමාර මහතා විසින් සිසිල් බීම දන්සලක්
❂ •දන්සිත් අරණ පුණ්‍ය සමූහය විසින් සිසිල් බීම දන්සලක්
❂ •අනුර නන්දලාල් මහතා සහ
නදිත් රුක්මාල් මහතාගේ සම්බන්ධිකරණයෙන් නෙස්ලේ ලංකා ආයතනයෙන් නෙස්ටමෝල්ට් දන්සලක් පැමිණ සිටින පින්වතුන්ලාට ලබා දුනි.
විශේෂ ස්තූති පුණ්‍යානුමෝදනා….
❂ • දේශකයාණන් වහන්සේ වැඩසිටින ධර්ම මණ්ඩපය ඉතා අලංකාර ගොක්කොල නිවමාවක් ලබා දුන් “මලිදු ගොක්කොල ආට්ස්” ආයතනය
❂ • ධර්ම වේදිකාවේ සම්බුද්ධ ආසනය ඉතා අලංකාරව නිර්මාණය කරදුන් රඹුක්කන බ්ලොසම්ස් ආයතනයේ අධිපති “ධනංජය ධර්මදාස” මහතා
❂ • පිළිගැනීමේ තොරණ ගොක්කොල වලින් සහ පින්වත් ස්වාමීන් වහන්සේලා පාවඩ මතින් වඩින මාර්ගය පුන්කලස් මගින් අලංකාර කිරීම වැලිගමුවේ “සෙනරත් බංඩාර” මහතා ඇතුලු පිරිස
❂ • උපාලි මහත්මා ඇතුලු “උඩුගම එක්සත් වීර සමිති සමූහය”
❂ • කොටගම දහම්පාසලේ ආචාර්‍ය මණ්ඩලය
❂ • විශේෂ බස් රථ සේවාවන් සදහා ශක්තියක් වූ රඹුක්කන ඩිපෝ අධිකාරි ජනවංශ නවරත්න මහතා ඇතුලු නිලධාරි මඩුල්ල
❂ • රඹුක්කන පොලිස් ස්ථානාධිපතිතුමන් ඇතුලු සියලු නිළදරුවන්
❂ • හිරිවඩුන්න කේටරින් අධිපති වරුණ මහත්මා
❂ •අනුරාධපුර – අනුර නන්දලාල් මහත්මා
❂ •අනුරාධපුර – පි නිවුටන් මහත්මා
මෙම ධර්ම දේශනා පින්කම් මාලාව පුරා මාහට අතිශය ශක්තියක් වූ දිනේෂ් කුමාර මහත්මා සහ රංගන පුෂ්පකුමාර මහත්මා
පෙර ප්‍රචාරණ කටයුතු සහ අනෙකුත් සංවිධාන කටයුතු සදහා එකතු වෙමින් පින්කම සාර්ථක කරගැනීමට මා හට ශක්තියක් වූ….
❂ • රංගන නිමලරත්න මයා
❂ • ප්‍රදීප් මුදලිගේ මයා
❂ • අසේල බංඩාර මයා
❂ • SSD ගුණවර්ධන මිය
❂ • සුජානි බෙලිගොඩපිටිය මිය
❂ • දමිත් පත්මාල් මයා
❂ • චතුමි කෞෂල්‍යයා මිය
❂ • නුවන්දිකා එදිරිසූරිය මිය
❂ • ඉරේෂා ගුණවර්ධන මිය
❂ • සමීර ගුණවර්ධන මයා
❂ • අනුරුද්ධ හෙට්ටිආරච්චි මයා
❂ • අසංක සම්පත් මයා
❂ • දිලුම් ශ්‍යාමික සහෘදයා
❂ • අශාන් චනුක සහෘදයා
❂ • කෞෂල්‍යය සහෘදයා
❂ • සරත් මයා
❂ • විමල් රත්නසිරි මයා
❂ • ඔලිත විමංග පුතු
❂ • කවිරු ගයාෂාන් පුතු
❂ •උපුල් මයා, ඥාණා මිය, කරුණා මිය ඇතුලු රඹුක්කන අශෝක බෝධිරාජාරාම විහාරස්ථ දායක පින්වතුන් සැම…
❂ • මා හට පින්කම් කිරීමට තෝතැන්නක් සකස් කරදුන් සහ මෙම පින්කම සදහා අවවාද අනුශාසනා ලබා දෙමින් පින්කම නිවැරදිව සිදු කරගැනීමට ශක්තියක් වූ රඹුක්කන අශෝක බෝධිරාජාධීෂ්වර “පූජණීය ඇකිරියගල මංගල හිමිපාණන් වහන්සේ”
❂ • විහාරාධිකාරි, කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය පූජ්‍යපාද වළල්ගොඩ සුමංගල හිමි,
❂ • විහාරවාසි වැලිගමුවේ ධම්මදින්න හිමි ඇතුලු කොස්සින්න, කිරිවන්දෙනිය, වළල්ගොඩ, කොටගම, යටගම, මීදුම යන විහාරස්ථානයන්හි නායක මාහිමිපාණන්වහනසේලා ඇතුලු වැඩමකොට වදාල උතුම් මහා සංඝරත්නයටත්,
❂ • මහ බෝ වන්දනාව සිදු කරමින්, අති පූජණීය ගලිගමුවේ ඥාණදීප හිමියන් සම්බන්ධ කර දෙමින් අප හට ශක්තියක් වූ අපගේ කළ්‍යාණමිත්‍රයන් වහන්සේ දෙවනගල රාජමහා විහාරයේ භාරකාර “පූජණීය මැදිරිගිරියේ පුඥ්ඥසාර හිමියන්” සහ වැඩමකොට වදාල අති පුජණීය ගලිගමුවේ ඥාණදීප හිමිපාණන් වහන්සේටත්,
දැක බලා සතුටුවූ සියලු පින්වතුන්ලාටත්, යම් කෙනෙක් මෙම පින්කම කෙරෙහි අපැහැදුනාද ඒ සියලු පින්වතුන්ලාටත්,
සක් දෙවිදුන්, සතරවරම් දෙව් රජවරුන්, වැස්ස වලාහක දෙව් රජ වරුන් සහිත සියලු සම්මා දිට්ඨික දෙව් රජවරුන්ටත් මේ පින් එක සේ ලැබේවා !
මෙපින් බලයෙන් නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා 🙏
මෛත්‍රී මහ බෝසත් උතුමන්ගේ, සක් දෙවිදුන්ගේ, සතරවරම් දෙව් රජවරුන්ගේ, සම්මා දිඨ්ඨික දෙව් රජවරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය නිරන්තරයෙන් සියලූම දෙනාට ලැබේවා !
සියලු පාරමි පූර්ණය පිණිසම මෙම පින් හේතූ වේවා 🙏
සුඛා පටිපදා, ඛිප්පා, භිඤ්ඤා ස්භාවයෙන් උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම පින් උත්තම ශක්තියක් වේවා 🙏











































































































